ශ්‍රී දළදා වන්දනාවට පැමිණි තානාපතිවරු කණ්ඩායම මහනුවර දුම්රිය ස්ථානයට පැමිනීමට ප්‍රමාද වීම හේතුවෙන් නුවර කොළඹ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 28ක් ප්‍රමාද කිරීමට සිදුවූ බව මහනුවර දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතව තිබුණේ පස්වරු 3ට නමුත් ප්‍රමාද වී පැමිණි තානාපතිවරුන් රැගෙන දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්වී ගොස් තිබුණේ පස්වරු 3.28ට ය.
ශ්‍රී දළදා වන්දනාව සඳහා වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපති කණ්ඩායම අද උදෑසන නුවරට පැමිණියේ පෙ.ව 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකය.







