ත්‍රීකුණාමලය අධ්‍යාපන කලාපයේ පිහිටි පාසල් 85න් පාසල් 11ක ඉගනුම ලබන සිසුන් 12ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීම නිසා ත්‍රී කුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කළබව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවසුවාය.
පසුගිය සතියක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිත පාසල් සිසුන් වාර්තා වී තිබිණි. පසුගිය 19 දා පාසල් ආරම්භ වීමෙන් පසු මේ දක්වා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පමණක් පාසල් 15ක දරුවන් 78 දෙනෙක් නිරෝධායනය කර ඇති බවත් දරුවන් 10 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී ඇති බවත් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා පැවසුවේය.
කෙසේවෙතත් දිවයිනේ අනෙකුත් පාසල් වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ කීවේය.