ත්‍රිපිටකය ආරක්ෂා කරන්න නව පනතක්

අනාගත පරම්පරාව වෙනුවෙන් ත්‍රිපිටකය ආරක්ෂාකර තැබීම සඳහා    ත්‍රිපිටකය ආරක්ෂා කරගැනීම සඳහා පනතක් ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ථේරවාදී බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වෙන අතර බුදුරජාණන් වහස්සේගේ දේශනා  සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම ආරක්ෂා කර ගැනීම සඳහා  ක්‍රි.පු.80  දී පමණ   බළගම්බා රජතුමාගේ රාජ්‍ය සමයේදී මාතලේ අලුවිහාරයේදී රහතන් වහස්සේලා විසින් පළමුවරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර ඇතැයි වංශකථාව දක්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1956 වසරේ 2500 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම නිමිතිකොට ගෙන ත්‍රිපිටකය සිංහල භාෂා පරිවර්තන සහිතව මුද්‍රණය කෙරිනි. ඉකුත් 2019 පෙබරවාරි මස 7 වැනි දින ගැසට් නිවේදනයක් මගින් ත්‍රිපිටකය ජාතික උරුමයක්  බවට ද පත් කෙරිණි.


Exit mobile version