බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවමත් විනාශයේ තරම නොදත් නේපාලයේ ඛේදවාචකය… දැනට මරණ 128යි… භූකම්පනයේ අපිකේන්ද්‍රය අසල ගම්මානවලට තවම ලඟා වී නෑ…

by editor
නොවැම්බර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (03) මධ්‍යම රාත්‍රියට ආසන්නයේ  නේපාලයේ ජජර්කොට්හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 128 දෙනෙකු මිය ගොස් විශාල පුද්ගලයින් සංඛ්‍යාවක් තුවාල  ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රබල භූ කම්පනය  ඉන්දියාවේ නවදිල්ලියටත් දැනී තිබුණි. දිල්ලියේ ගොඩානැගිලිද ඊයේ රෑ හෙලවුනේය

නේපාලයේ ජාතික භූ කම්පන මධ්‍යස්ථානය පැවසුවේ භූ කම්පනය රාත්‍රී 11.47ට කර්නාලි පළාතේ ජජර්කොට් දිස්ත්‍රික්ක යේ  සිදු වූ බවයි.   ජජර්කොට් යනු කත්මණ්ඩු අගනුවරට බටහිර දෙසින් කිලෝමීටර් 500 (සැතපුම් 310) පමණ දුරින් පිහිටා ඇති ජනාවාසයකි.

නේපාලයේ ජාතික භූ කම්පන මධ්‍යස්ථානය පැවසුවේ භූමිකම්පාව රික්ටර් මාපකයේ 6.4ක් වූ  බවය. නමුත්  ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය  පසුව එය රික්ටර් මාපක 5.7 දක්වා පහත හෙලූ අතර එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනුමාන කළේ  භූ කම්පනය  රික්ටර් පරිමාණයේ 5.6ක්  බවය.

ප්‍රාදේශීය නිලධාරීන්ට අනුව භූ කම්පනය සිදුවන්නේ  190,000 ක ජනගහනයක් සහිත කඳුකර දිස්ත්‍රික්කයකය.   දුරස්ථ කඳුකරයේ විසිරී ඇති ගම්මානයක් වන ජජර්කෝට් හි භූමිකම්පාව සිද්ධ වූ  අපිකේන්ද්‍රය ආසන්න ප්‍රදේශයේ සම්බන්ධතා ඇති කර ගැනීමට අද උදෑසන වනතුරුත් බලධාරීන්ට හැකියාවක් ලැබී නැත.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජජර්කෝට්  ප්‍රාදේශීය නිලධාරි හරිෂ් චන්ද්‍ර ශර්මා පවසා ඇත්තේ  ඔහුගේ දිස්ත්‍රික්කයේ අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් ඇති බවය. අසල්වැසි රුකුම් බටහිර දිස්ත්‍රික්කයේ   අවම වශයෙන් මරණ 35 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

“ගලවාගැනීමේ සහ සෝදිසි කණ්ඩායම්වලට භූමිකම්පාව හේතුවෙන් විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට වියළි නායයෑම්වලින් අවහිර වූ මාර්ග පාදා ගත යුතු බව ද රුකුම් බටහිර දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රකාශකයෙක් රොයිටර් වෙත පවසා තිබිණි.

කෙසේ වෙතත් අප සිතනවාට වඩා මේ භූ කම්පනය මහා විනාශයක් සිදුකර ඇති බව පුරෝකථනය කළ හැකිය. භූ කම්පනයේ  අපකේන්ද්‍රය පිහිටි රමිදණ්ඩ් වෙත තවමත් කිසවෙක්  ළඟා වී නොමැත.

ජජර්කොට් දිස්ත්‍රික් නිලධාරි සුරේෂ් සුනාර් දුරකථනයෙන් රොයිටර් වෙත පවසා ඇත්තේ  තවමත් විනාශයේ විස්තර එකතු කරමින් සිටින බවය. සීතල රාත්‍රියේ දුර බැහැර ප්‍රදේශවල තොරතුරු ලබා ගත නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කර තිබිණි.

“නිවාස කඩා වැටිලා…  ජීවිත බේරා ගත්ත මිනිසුන් තම නිවෙස්වලින් පිටතට දිව ඇවිත් තිබුණා. මම භීතියට පත් ඒ මිනිස්  සමූහයා අතරේ ඉන්නවා.  අපි අලාභහානි පිළිබඳ විස්තර සෙවීමට උත්සාහ කරනවා…” පොලිස් නිලධාරි සන්තෝෂ් රොකා දුරකථනයෙන් රොයිටර් වෙත  පවසා තිබුණේය.

2015 වසරේ නේපාලයේ භූමිකම්පා දෙකකින් පුද්ගලයන් 9,000ක් පමණ මිය ගියහ.  මුළු කත්මන්ඩු  නගරයත්, ශතවර්ෂ ගණනාවක් පැරණි විහාරස්ථාන සහ අනෙකුත් ඓතිහාසික ස්ථාන සුන්බුන් බවට පත් විය.      නිවාස ලක්ෂ ගණනක්  විනාශ වී, ආර්ථිකයට ඩොලර් බිලියන 6 ක විනාශයක් සිදුවිය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාසා තීරයේ යුද්ධය කලාපීය යුද්ධයක් නොකරන්න… හමාස්ට සහය දෙන හිස්බුල්ලා නායකයා ඇමරිකාවට අනතුරු අඟවයි…

Next Post

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.