මැලේසියාවේ පැවැත්වෙන අවුරුදු 19 න් පහළ කාන්තා ආසියානු කුසලාන හා කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වලට තෝරාගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ඇතුළත් කොට ඇතැයි වාර්තා වේ.
කණ්ඩායමේ පුහුණුකරු මහේෂ් වීරසිංහ විසින් ඇයට කණ්ඩායමේ ස්ථානය ලබා ගැනීමේ අවස්ථාව ලබාදී පොළොන්නරුවේ ක්‍රීඩිකාවකගේ ස්ථානය අහිමි කරන්නට කටයුතු කර ඇත.
පොළොන්නරුවේ සයනි තෙන්නකෝන් නම් ක්‍රීඩිකාව ආරම්භක පිතිකාරිනියක් ලෙස මෙතෙක් කටයුතු කර ඇත. එසේ තිබියදී දඟ පන්දු යවන මැද පෙළ පිතිකාරිනියක ලෙස පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයට 16 වැනි ක්‍රීඩිකාව ලෙස තෝරා ගනු ලැබූ ඩිල්ෂාන්ගේ දියණිය පුහුණුකරු විසින් හදිසියේ ආරම්භක පිතිකාරිනියක් ලෙස යොදා ගැනීම නිසා පොළොන්නරු ක්‍රීඩිකාව කැපී ගොස් තිබේ.
මේ අතර මෙරට පාසලක් නියෝජනය නොකරන ද්විත්ව පුරවැසියකු වන ඩිල්ෂාන්ගේ දියණියගේ නම අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යවන ලද ලැයිස්තුවෙන් ඉවත් කර දැමීමටද ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ







