තවදුරටත්  රට පුරා වැසි හා සුළං… දිස්ත්‍රික්ක 17කට මිලි මීටර් 100 ඉක්මවූ වැසි…

තුෂාරී කළුබෝවිල –

දිවයිනට උතුරු හා ගිණිකොණ දිග ආශ්‍රිත පහළ වායුගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුටරත් වැසි හා සුළං තත්ත්වයේ වර්ධනයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ද පුත්තලම සිට මන්නාරම දක්වා ද කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70ක පමණ සුළං ප්‍රවාහයක් පවතිනු ඇත.

මෙම තත්ත්වය ධීවර හා නාවික කටයුතු කෙරෙහි අවධානාත්මක බලපෑම් ඇති කරවන බැවින් හැකිතාක් ඉන් වැළකී සිටින ලෙසට ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ ම රත්නපුර, කෑගල්ල, කලුතර, ගම්පහ, කොළඹ, මහනුවර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති වන අතර අනුරාධපුරය, අම්පාර, මඩකළපුව, හම්බන්තොට දිස්ත්‍රික්කවලට ද වැසි ඇති වනු ඇත.

 

Exit mobile version