තවත් වස පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක් යළි මැලේසියාවට පටවයි…

පසුගිය අප්‍රේල් 30 වන දින කොළඹ වරායට ගෙන එන ලද පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 230 ක් අද රාත්‍රී 9ට මැලේසියාවට ප්‍රති අපනයනය කෙරෙන බව  බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති කටයුතු) සහ මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා පැවසීය.

මෙම පිරිපහදු නොකළ පොල් තෙල් තොගය  අඩි 20 ක බහාලුම් දොළහක තැන්පත් කර තිබිණි.

මෙම පොල් තෙල් තොගය  ‘එවර් එතික්’ නම් නෞකාවෙන් මැලේසියාව වෙත ප්‍රති අපනයනය කිරීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර මැලේසියාවේ සිට ආනයනය කරන ලද  බහාලුම් හයක තැන්පත් කර තිබූ   පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක්  පිළිකා කාරක ඇෆ්ලාටොක්සින් සහිත බව හෙළි වීම නිසා  අප්‍රේල් 12 වන දින ‘බාබරා’ නෞකාව මගින් මැලේසියාවට  ප්‍රති අපනයනය කිරීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

 

 

 

Exit mobile version