තරුණියක් සමග පැහැරගත් රථය බූස්සේ දී හමුවේ… මුදල් ආභරණ කොල්ලකා තරුණිය රත්ගමදි අතහැරලා…

car

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල කරාපිටිය නගරයේ දි තරුණියක් සමග පැහැරගෙන ගිය කාර් රථය අද (24) අළුයම බුස්ස දැව සංස්ථාව අසල දමාගොස් තිබියදි සොයාගත්බැව් ගාල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

කොල්ලකරුවිසින් තරුණිය රත්ගම ප්‍රදේශයේ දි කාර් රථයෙන් බස්සවා ඇයගේ අත්පළදනාව හා රුපියල් 62000ක මුදලක් සමග කාර් රථය පැහැර ගෙනගොස් තිබුණි. ඊයේ (23) දහවල් මෙම තරුණිය තම නැගණිය සමග කරාපිටිය නගරයේ පිහිටි රජයේ බැංකුවක් වෙත පැමිණ ඇත. නැගණිය විසින් කාර්රථය පදවාගෙන පැමිණ තිබේ. ඇය කාර් රථය බැංකුව ඉදිරිපිට නතරකොට තම සහෝදරිය කාර් රථය තුළ සිටියදි කාර් රථයෙන් බැස මුදල් හා චෙක්පත් තැන්පත් කිරිම සදහා බැංකුව වෙත ගොස් ඇත

මේ අතර කාර් රථයට එක්වරම ගොඩවු තරුණයකු වාහනයක් ගැනීමට කාර් රථය පොඩ්ඩක් පස්සට දමනවා කියා කාර්රථය පණගන්වා පසු පසට ගෙන කාර් රථය හිරිඹුර ප්‍රදේශය දෙසට ධාවනය කරගෙන ගොස් ඇත. තරුණිය කාර් රථය තුළ සිට කෑගසා ඇති අතර කොල්ලකරු විසින් තර්ජනය කොට ඇයගේ ගෙල පහත්කරවාගෙන කාර් රථයට ධාවනය කරගෙන ගොස් ඇත.

කොල්ලකරු විසින් තරුණියගෙන් මුදල් හා රන්භාණ්ඩ ඉල්ලා ඇත. පසුව තරුණිය තම අත් පළදනාව හා මුදල් පසුම්බිය ලබා දි ඇත. පසුව කොල්ලකරු විසින් තරුණිය රත්ගම ප්‍රදේශයෙන් බස්සවා කාර් රථය පැහැරගෙන ගොස් ඇත.

මේ පිළිබද සි.සි.ටි. වි කැමරා ඔස්සේ පොලිසිය මගින් විමර්ශන කටයුතු ආරම්කොට ඇති අතර අද (23) අළුයම කාර් රථය බුස්ස දැව සංස්ථාව අසල දමාගොස් තිබියදි පොලිසිය මගින් සොයාගෙන ඇත. මෙම අක්කෝ නගෝ දෙදෙනා අක්මිමන හියාර් අමල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

කාර් රථය පැහැරගෙන ගිය කොල්ලකරු අත්අඩංගුවට ගැනිම සඳහා ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වාගේ උපදෙස් මත ගාල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඩි.ජි ආනන්ද ඇතුළු නිලධාරින් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Exit mobile version