තමිල්නාඩු නව මහ ඇමතිට උතුරු නැගෙනහිර සංචාරකයකට උතුරේ දෙමළ දේශපාලකයන්ගෙන් ඇරයුම්…

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන් ඩී.එම්.කේ. පක්ෂයේ නායක  එම්.කේ.ස්ටාර්ලින්ට උතුරේ සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන් සුබ පැතුම් යවා ඇති අතර දෙමළ ජාතික සන්ධානය ඔහුට උතුරු නැගෙනහිර පළාත්වල සංචාරයක් සඳහාද ආරාධනය කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා  ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට මැදිහත්වන මෙන් ඉල්ලා ඇත.

දෙමළ ජාතික සන්ධානයේම වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්  යවන ලද සුබ පැතුමේ සඳහන් කොට ඇත්තේ මුලු ලෝකයේම දෙමළ  නායකයා වීමට හැකියාව ඇති නිසා ස්ටාර්ලින් යන නාමය ඒ ස්ථානයට රැගෙන ඒමට උත්සාහ කරන ලෙසය.


දෙමළ ජාතික සන්ධානයේ සෙසු දේශපාලනඥයෝද වෙන් වෙන් වශයෙන් ස්ටාර්ලින් නව මහ ඇමතිවරයාට සුබ පතා තිබේ.

දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී.විග්නේස්වරන්ද ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්ද තවත් කීප දෙනෙක්ද සුබ පතුම් එක්කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ද  නව මහ ඇමතිවරයාට සුබපැතුම් යවා තිබේ.  එය ඉතා සුවිශේෂී කාරණයක් වන්නේ අමාත්‍යවරයා සමග ඉන්දියාව දැඩි ලෙස විරසක වී සිටීම නිසාවෙනි.

Exit mobile version