සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ව ඝාතනය කිරීමට කළ සැලසුමක් ගැන ජනපති අද හෙළි කරයි!

by editor
නොවැම්බර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලකයා මහජනතාවගේ ධනය නාස්ති කරන, විනාශ කරන තැන සිට දේශපාලනය මහජන සේවයක් දක්වා ගමන් කරන ජනතාවාදී අරමුණුවලට මෙම දේශපාලනය මොනතරම් බියක් දක්වනවා ද යන්න හිටපු ජනාධිපතිවරුන්ගේ වරප‍්‍රසාද අයින් කිරීමට කටයුතු කරන අවස්ථාවේදී තමන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් සැලසුම් වුන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (14) හෙළි දරවු කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නොවැම්බර් 13 වැනි දාට යෙදි තිබූ 35 වැනි ඉල්මහ විරු සමරුව වෙනුවෙන් අද (14) කොළඹ දී සංවිධානය වී තිබූ ඉල්මහ සමරු උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමිනි. ඉතිහාසගත ලෙස අනුර කුමාර දිසානායක අද ඉල් මහ සමරු දේශනය පවත්වන්නේ රටේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසය. බලය හුවමාරු කරගන්නා මහ ඡන්දයක් පැවැත්වෙමින් තිබුණු අවස්ථාවේ දී ය.

ඉල් මහ සමරු උළේලේ ප්‍රධාන දේශනය පවත්වමින් ජනාධිපතිවරයා කීවේ මහජනතාව ලබාදුන් බලය තුළ මහජනතාවගේ නිරන්තර පරීක්ෂාවට භාජනය වෙමින් සිටිනා අවස්ථාවක එම පරීක්ෂණයෙන් අසමත්වුවහොත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස දිවි හිමියෙන් මෙතෙක් රක්ෂා කරගෙන පැමිණි සාධනීය අරමුණු සියල්ල ව්‍යසනයට ලක්වන බවය.  මෙතෙක් කල් තමන් අධීක්ෂණයට ලක් වූයේ ව්‍යාපාරය තුළ බැවින් සිදුවන වැරදි නිවැරදි කරගැනීමට අවස්ථාව පැවති බව කී ජනාධිපතිවරයා මහජනතාව හමුවේ අසමත්වීම කණ්ඩායමක් නිවැරදි කරගැනීමට නොහැකි වරදක් වනු ඇති බව ද කීවේය.

“නිර්මාණය කරන බලය විසින් සිතු දේ රිසි පරිදි කළ හැකියි යන මනෝභාවයෙන් කටයුතු කළහොත් අපි පරීක්ෂාවෙන් අසමත් වෙනවා.” ජනාධිපතිවරයා පැවසුවේය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

අද අපි එකතු වෙලා ඉන්නේ 35 වැනි වරට ඉල්මහ විරුවන් සමරන්නයි. අපි මීට ප‍්‍රථම අපේ විරුවන් සමරුවේ, බලය අත්පත් කර ගැනීම සඳහා පොර බදන ව්‍යාපාරයක් ලෙසටයි; බලය අත්පත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ආදර්ශයන්, පරිත්‍යාගයන් උකහා ගනිමින් ඉදිරියට යා යුතු ව්‍යාපාරයක් ලෙසටයි. අද අපි ඔවුන් සමරන්නේ බලය අත්පත් කර ගත් ව්‍යාපාරයක් ලෙසටයි. අද පැරණි අවධියේ අභියෝගයන් සහ අලූත් අවධියේ අභියෝගයන් අතර විශාල වෙනසකට අපිට මුහුණ දීමට සිදුවී තිබෙනවා. එය අපි තේරුම් ගත යුතුව තිබෙනවා.

එදා පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, දේශපාලන බල මණ්ඩලයේ සහෝදරවරු, මධ්‍යම කාරක සභාව ඇතුළු අපට යම් ආහාර වේලක් ලබාදුන් අය පවා ඇතුළත් විශාල පිරිසක් එදා ඝාතනය කරනු ලැබුවා. පාලක පංතිය, ඔවුන් ඝාතනය කිරීම දක්වා වූ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමෙන් සිදුවුණේ පාලක පංතියේ ස්වභාවය, ඔවුන් අප කෙරෙහි දක්වන ප‍්‍රතිවිරෝධී ආකල්පයේ සැබෑ තරම තේරුම් ගත හැකියි.

1978

අපි 1978 වසරේ යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට, ඉතාමත් සාමකාමීව ප‍්‍රවිෂ්ට වූවා. එම වසරේ පැවති අතුරු මැතිවරණවලට තරග කළා. 1981 සංවර්ධන සභා මැතිවරණය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වර්ජනය කරද්දී, අපි තරගයට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණයට අපි තරග වැදුණා. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව මැතිවරණය කල්දැමීම සඳහා වූ ජනමත විචාරණයට එරෙහිව සටන් වැදුණා. මැතිවරණ ක්ෂේත‍්‍රය දෙස බැලූවත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හඬ නඟන, එයට අනුකූලව වැඩ කරපු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්පත් කර ගැනීම සඳහා වෙහෙස වූ ව්‍යාපාරයක්. ඊට අමතරව මැතිවරණ පෙරමුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් ශක්තිමත්ව සටන් වැදුණු, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයන් හැටියට කටයුතු කළ පක්ෂයක්.

1988

එසේ කටයුතු කරමින් සිටියෙදී 1983 ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද සිදුවීම් උපයෝගී කරගෙන, අපිව තහනම් කළා. ඔවුන් අපව නිශ්චිත හැරවුමක් ලෙසට තහනම් කරනවා. අපව දේශපාලන වශයෙන් තහනම් කිරීමට හේතු වන්නේ කුමක්ද? අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පිට පැන්නාද? අනවශ්‍ය ගැටුම් නිර්මාණය කිරීමට මැදිහත් වුණාද? නැහැ. ඔවුන් අපව තහනම් කිරීමට හේතු වන්නේ අපේ අරමුණුයි. අපි අපේ අරමුණ ජයග‍්‍රහණය කිරීම සඳහා තෝරාගෙන තිබෙන මාවත ඔස්සේ ජයග‍්‍රහණය සඳහා යමින් සිටියා. ඒ නිසා ඔවුන්ට විශාල වුවමනාවක් තිබුණා අපේ අරමුණු පරාජය කරන්න. ඒ අරමුණට ඔවුන් බිය වුණා.

අප විසින් තෝරා ගත යුතු මාවත් දෙකක් තිබුණා. එකක් අරමුණ අත්හැරීම. අනෙක තහනමට යටත්ව අරමුණ වෙනුවෙන් කටයුතු කිරීම. ඉල්මහ විරුවන්ගේ සුවිශේෂී ලක්ෂණයම තමයි, අරමුණු අත්හැර සුවපහසු පාරක් තිබියෙදී, අරමුණු වෙනුවෙන් දුෂ්කර පාරක් තෝරා ගැනීම. අපේ පැරණි සහෝදරවරුන්, විරුවන්, අරමුණු වෙනුවෙන් ඊට අනුරූපී ක්‍රියාමාර්ගවල ගමන් කළා. එවිට පාලක පංතියට ඊළඟට අවශ්‍ය වන්නේ කුමක්ද? අරමුණු මරා දමන්න නොහැකි නම්, අරමුණු දරන මිනිසුන් මරා දැමීම ඊළඟ පියවර වුණා.

සිදු නොවිය යුතු දේ සිදුවුනා…

ඒ අවස්ථාවේ සිදු නොවිය යුතු දේ සිදුවුණා. එම සිදුවීම් පිළිබඳ සමාජයෙක් නොයෙක් සාකච්ඡුාවන් ඉදිරිපත් වුණා. නමුත් මිනිස් ඝාතනවලට හේතු වුණේ ඒ සිදුවීම් නොවෙයි. ඒ වකවානුවේ අප අතින් යම් සිදුවීම් සිදුවී තිබෙනවා නම්, අපව ඝාතනය කොට විනාශ කිරීමට හේතුව එම සිදුවීම් නොවෙයි. ඝාතනය කර විනාශ කිරීමට හේතුව අපේ අරමුණු. ඔවුන් කල්පනා කරන්නේ, අරමුණ පරාජයට පත් කළ හැකි වන්නේ, අරමුණ දරන මිනිසුන් ඝාතනය කොට විනාශ කිරීමෙන් පමණක් බවයි. එය කොයිතරම්ද කියනවා නම්, දේශපාලන ව්‍යාපාරයක මධ්‍ය කවය පමණක් නොව, පරිවාර කවයන් පවා ඝාතනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා. ඔවුන් අවසානයේදී කියන්නේ “මැච් එක ඉවරයි” කියලා. එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ අරමුණත් අවසන්, අරමුණු දරපු මිනිසුනුත් අවසන් කියන එක.

1989 න් පසු

නැවත අපි 1989න් පස්සේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරනවා. අපට නැවත නැගිටින්න, නැවත මේ ව්‍යාපාරය ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්කරන්න, අපට බලපෑම් ඇති කරන්නේ අරමුණුම තමයි. අපට ධෛර්යය දෙන්න, නැගිට්ටවන්නෙ අරමුණු තමයි. මකන්න බැරි, යටකරන්න බැරි අරමුණු අපේ ආධ්‍යාත්මය තුළ තිබෙනවා. නැවත අපිට නැගිටින්න, අපට සංවිධාන ගත වෙන්න නැවත ජයග‍්‍රහණය සඳහා ව්‍යාපාරය මෙහෙයවන්න අපිව පොළඹවන්නේ අරමුණු විසින් ඇති කොට තිබෙන බලපෑමයි.

නැවත අපි 94න් පසුව දේශපාලන ගමන් මගට අවතීර්ණ වුණා. අපි පක්ෂයක් ලෙස විශාල හැලහැප්පීම්වලට මුහුණ දුන්නා. පරාජයන්ට මුහුණ දුන්නා. ව්‍යාපාරය ඇතුලේ බෙදීමක් ඇති වුණා. ඒ ඒ මොහොතට අදාළ යැයි ගත් තීන්දු පසුකාලෙක අපට වැරදුණා දැයි මානසික පීඩනයක් ඇති කළා. විශාල හැලහැප්පීම් මධ්‍යයේ අපි ජයග‍්‍රහණය කරා ගමන් කරමින් ආවා. සැප්තැම්බර් මාසෙ 21 අපි ජයග‍්‍රහණය අත්පත් කර ගන්නේ ඒ ගමන් මාවතේ තීරණාත්මක අවස්ථාවේදීයි.

පිරිච්ඡේද 4ක්

මේ කෙටි ඉතිහාසය ආසන්න වශයෙන් පරිච්ෙඡ්ද හතරක් සලකුණු කරනවා. ඒ, 78 සිට 83 දක්වාත්, 83 සිට 89 දක්වාත්, 94 සිට පසුගිය සැප්තැම්බර් 21 දක්වාත්, සැප්තැම්බර් 21 සිට අනාගතය දක්වාත් වශයෙනුයි. සැප්තැම්බර් 21 සිට අනාගතය දක්වා වන අලූත් පරිච්ඡෙදය අපි ආරම්භ කොට තිබෙනවා. මේ සෑම පරිච්ඡේදයකම අපේ හැඩරුව, අපේ ප‍්‍රකාශනයන් තුළ, උපක‍්‍රමයන් තුළ, වැඩ රටාව තුළ සහ මුහුණ දී තිබෙන අභියෝගයන්හි විශාල වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් තිබුණත් අත්හරින්න බැරි අඛණ්ඩතාවයක් තිබෙනවා. ඒ තමයි අරමුණ. අපි ආරම්භ කර තිබෙන අලූත් පරිච්ඡේදයත්, අරමුණු ඉටුකර ගැනීම සඳහා අවස්ථාවක්. ඔවුන් මේ අරමුණට බයයි.

ඔවුන් අපේ  අරමුණවලට බයයි… ඝාතන සැලසුමක් ගැන ජනපති කියයි…

එකක් තමයි දූෂිත, ප‍්‍රභූ තන්ත‍්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීම. දෙක තමයි පුරවැසියන්ට නිදහස්ව හිතන්න, කටයුතු කරන්න, නිදහස ලබාදීම ගැන ඔවුන් බයයි. ඔවුන් සෑම විටෙකම කළේ පුරවැසියන් යටත් කොට තබාගෙන සිටීම. දේශපාලකයා තමන් විසින්ම ආරෝපණය කරගෙන පොරවාගෙන සිටින මහා ලෝගුව ගැලවෙනවාට බයයි. අපේ අරමුණුවලට බයයි. දේශපාලකයා මහජනතාවගේ ධනය නාස්ති කරන, විනාශ කරන තැන සිට දේශපාලනය මහජන සේවයක් දක්වා ගමන් කරනවාට ඔවුන් බයයි. මෙය කොයිතරම්ද කියනවා නම්, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප‍්‍රසාද අයින් කිරීමට කටයුතු කරන අවස්ථාවේදී මාව ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් දියත් කිරීමට සූදානම් වුණා. ඔවුන් සෑම වෙලාවේම බයවෙමින් තිබුණේ අරමුණු හා යහපත් ගුණාංගවලට අපේ සමාජයත්, ජනතාවත් මේ ඉන්න පියවරෙන් අලූත් පියවරකට ඔසවා තැබීම ගැනයි. මේ අවදියෙන් අලූත් අවදියකට ඔසවා තැබීම ඔවුන් බයයි.

ඒ නිසාම පසුගිය මැතිවරණ වේදිකාවේ සිදුවී තිබෙන්නේ කුමක්ද? විවිධ ලකුණු, හැඩහුරු සහිත වේදිකා ගොඩක් තිබුණා. ඒ වේදිකාවල අපේක්ෂාව බවට පත්වී තිබුණේ බලය අත්පත් කරගන්න ඉඩ දෙන්නේ නැහැ කියන සාධකය. බලයේ තිබෙනවා විශේෂත්වයක්. බලය විසින් බලය නිර්මාණය කරනවා. බලයකින් බලය ප‍්‍රසාරණය කරනවා. දැන් ඔවුන්ගේ අවශ්‍යතාවය බලය විසින් බලය තහවුරුවීම වැළැක්වීම. අපට පාර්ලිමේන්තුවේ බහුතරය අත්පත් කර ගන්න බැරිවෙනවා නම් එයින් කියන්නේ මොකක්ද? බලයේ දුර්වල බව. බලය යම් කාලයක් ස්ථාවරව පැවතුණහොත්, තවත් බලවත් වෙනවා. එවිට ඔවුන් කල්පනා කරන්නේ බලය අත්පත් කර ගැනීමට ඉඩ නොදීමයි. බලය ලබාගත්තාට පසුව බලය තහවුරු වීමට ඉඩ නොදීමයි.

ඔවුන් පොදු කෝව තුළ සිටියා. කෝව තුළ සිටියාට තීරණාත්මක ලෙස බල කඳවුරු දෙක වෙන්කිරීම සඳහා අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් අපි ආණ්ඩුව කියන බෙදුම් රේඛාව දැමූ විට ඒ අය අනෙක් පැත්තේ එක කවයකට, එක කඳවුරකට එකතු වී සිටිනවා. එය කොතරම් විසංවාදී කඳවුරක්ද බැලිය යුතුයි. එක පැත්තකින් වාමාංශික මුහුණුවරක් ගත් කණ්ඩායම් මෙහි කොටස්කරුවන් බවට පත්වී තිබෙනවා. ලිබරල්වාදී හැඩරුව ගත් කණ්ඩායම් සිටිනවා. ගොත්‍රිකවාදීන්, ජාතිවාදීන්, පැරණි නෂ්ටාවශේෂ කරේ තබාගෙන යන අය, සියලූ දෙනාම නොනිල එකඟතාවයකට ඇවිත් තිබෙනවා. අපේ ආණ්ඩුව නිසා ඔවුන්ට ඒ අවස්ථාව උදාවෙලා තිබෙනවා. අපට එරෙහිව එකම කඳවුරකට ගොනු වී සිටිනවා. සංකීර්ණව විසිරී සිටි කඳවුරු, ආණ්ඩුව බිඳ වැට්ටීම සඳහා එකට කටයුතු කළ හැකිද යන උත්සාහයට යොමු වී සිටිනවා.

අරමුණ අත් නොහැර සටන් කරනවා

අපට යළි යළිත් මේ බලය ආරක්ෂා කර දෙන්නේ, ශක්තිමත් කර දෙන්නේ අපේ අරමුණ අත් නොහැර සටන් වදින්න සූදානම් නම් විතරයි. මිය ගිය වීරවරියන්ට වීරවරුන්ට සාධාරණය, යුක්තිය ඉටුකිරීමේදී අන් කවරදාකටත් වැඩියෙන් අපේ අරමුණ ධාරණය කර ගත යුතු වෙනවා. දැන් අපට තිබෙන්නේ අරමුණ ඉටුකර ගැනීම සඳහා පොර බැදීමයි. අරමුණ යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මෙහෙයවීම, අපට අලූත් අදියරකදී තිබෙන අභියෝගයක්. ඒ මෙහෙයවීම අත්පත් කර ගැනීමට ආණ්ඩු බලයක් තිබෙනවා. නමුත් සාර්ථක කර ගැනීම සඳහා, මඟපෙන්වීම සඳහා මෙහෙයවීමට පක්ෂයට විශාල කාර්යභාරයක් තිබෙනවා.

බලය ලබාගැනීම අපේ අවසන් අරමුණ නෙමෙයි. අරමුණ යථාර්ථයක් බවට පත්කර ගත යුතුයි. අපේ වගකීම්වල, සමාජයට පෙනී සිටින ආකාරයන් ආදියෙහි හැඩතල වෙනස්කම්වලට භාජනය වී තිබෙනවා. ඒ සියල්ලටම යටින් අරමුණ වෙනුවෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියන එක හරයාත්මක ලෙස තිබිය යුතුයි. අපි අලූතින් කල්පනා කළ යුතුව තිබෙනවා.

පළමුව අප පරීක්ෂාවට භාජනය වෙන්නේ අපේ ව්‍යාපාරය තුළයි. අද මහජනතාව අපට ලබාදුන් බලය ඇතුලේ අපි මහජනතාවගේ පරීක්ෂාවට භාජනය වෙනවා. අප කෙරෙහි පූර්ණ විශ්වාසය, අර්ධ විශ්වාසය, ඒ වගේම අප කෙරෙහි පරීක්ෂාකාරී විශ්වාසයක් තිබෙනවා. අපි පරීක්ෂාකාරී විශ්වාසය සමත්විය යුතුයි. අපි හැමවිටම ජනතාවගේ පරීක්ෂාවකට භාජනය වෙමින් ඉන්නවාය කියන මනෝභාවය අප තුළ තිබිය යුතුයි. නිර්මාණය කරන බලය විසින් සිතු දේ රිසි පරිදි කළ හැකියි යන මනෝභාවයෙන් කටයුතු කළහොත් අපි පරීක්ෂාවෙන් අසමත් වෙනවා. අපේ විනිශ්චයකරුවන් වන්නේ මහජනතාවයි. එදා අපි ව්‍යාපාරය තුළ පරීක්ෂාවට භාජනය වුණා. අද මහජනතාව ඉදිරියේ පරීක්ෂාවට භජනය වී තිබෙනවා. ව්‍යාපාරය තුළදී සිදුවන අත්වැරැද්දක් ව්‍යාපාරය තුළ සාකච්ඡා කොට විසඳා ගත හැකියි. හැබැයි මහජනතාවගේ පරීක්ෂාවෙන් අසමත් වීම තුළ අපේ අරමුණු අසමත් වීමට භාජනය වෙනවා.

අපි අභියෝගයට ලක්වුණු සෑම අවස්ථාවකම අපේ අරමුණුවලට හානියක් නොවී ආධ්‍යාත්මිකව පවත්වා ගනිමින් මේ දක්වා ආවා. අපි හැමදෙනාම ඊට අනුරූප වන පරිදි වගකීම් වෙනස් කර ගත යුතුයි. මහජනයා පසෙක තබා බලය ඉත්තෙක් ලෙස පරිහරණය කරන්න පටන් ගතහොත් අපේ අරමුණු දියවී යනවා. මේ අලූත් තත්වයට අනුරූපී වන පරිදි වළක්වා ගැනීම කළ යුතුයි; වෙනස් විය යුතුයි. අපි හැම කෙනාම බලය විසින් ඇතිකර තිබෙන සීමා මායිම් පිළිබඳ තිර අධිෂ්ඨානයකට එන්න ඕනෑ. බලය අපේ අරමුණු කරා මෙහෙයවීමට තිබෙන මෙවලමක්ය යන සාධක අත්හැර ක්‍රියාත්මක වෙන්න පටන් ගත හොත් අපේ අරමුණු වෙනස් වෙනවා. දැන් අපි ”අලූත් ඇඳුම් ඇඳ ගැනීමට කාලය උදාවී ඇත”.

මේ ඉල්මහ විරු සමරුවේදී අපේ පැරණි සහෝදරවරුන්ට සහෝදරියන්ට කරන සාධාරණත්වයෙන් අඩක් නිම කොට තිබෙනවා. අපි ඉතා අසීරුතා, අභියෝගවලදී තීරණාත්මක උපක‍්‍රම තේරුවා. අපි කවුරුත් පොරබදලා ඒ උපක‍්‍රම ආරක්ෂා කරන්න සමත්වෙලා තිබෙනවා. සමහර උපක‍්‍රම ඉතාමත් අවදානම්. ඒ අවදානම් උපක‍්‍රමය එක් අදියරකින් පැන්නා නම්, අපේ ව්‍යාපාරය මෙතන නැහැ. ඒ සියල්ල මගින් අපි ජයග‍්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා.

අපි අන් සෑම අදියරකටම වඩා පරෙස්සම් සහගත විය යුතුයි. ඉතාමත් හොඳින් බලය හැසිරවිය යුතුයි. ගියවර සමුළුවේදී තිබුණු බර මේ සමුළුව වන විට ප‍්‍රමාණාත්මකව අඩක් අවසන් කර තිබෙනවා. අපේ විරුවන්ට සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් බරක් නැති නිදහස් මිනිසුන් ලෙස තව වසර කිහිපයකින් අපට ඉල්මහ සමරුව පැවැත්වීමට හැකි වේවි. ඒ වෙනුවෙන් අපි සියලූ දෙනා එකතු වෙමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඡන්ද විමසීම අවසන්… රාජ්‍ය දේපල අවභාවිතය නැති රාජ්‍ය බලය අවභාවිතය නැති සාමකාමී ඉතිහාසගත මැතිවරණයක්! මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි…

Next Post

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයේ අඩුවක්… ප්‍රකාශ වී ඇත්තේ 60- 65% අතර ප්‍රමාණයක්… මැතිවරණ නිරික්ෂණ සංවිධාන කියති!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.