දිනසේන රතුගමගේ –
මුලතිව් ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර සිදු කළ බව කියන පාසල් ගුරුවරයෙකු මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන මුලතිව් අධිකරණය වෙත ඊයේ ( 4 ) ඉදිරිපත් කොට තිබේ.
ලිංගික අතවරයට ගොදුරු වී ඇති පාසල් ශිෂ්‍යාව ලිංගික අතවරයට පත්ව ඇත්තේ ඇය ඉගෙනුම ලබන පාසලේම ගුරුවරයෙකු අතිනි.
ශිෂ්‍යාව ඒ බව තම පන්ති බාර ගුරුවරියට ප්‍රකාශ කිරීමෙන් පසුව ශිෂ්‍යාවගේ දෙමව්පියන් කැඳවා මේ සම්බන්ධයෙන් මුලතිව් පොලීසියට පැමිණිල්ල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව පොලීසිය අදාල ගුරුවරයාව අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.
එම ගුරුවරයාව මේමස 18 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් අදාල ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයකට කල් කොට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා පොලීසියට නියෝග කොට තිබේ.