දිගුකාලීන ණය මත බොරතෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අද (20) නයිජීරියාව සමඟ සාකච්ඡාවක නිරත විය.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහ කොමසාරිස් අහමඩ් සුලේ සමඟ පැවැත්වූ හමුව පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.
අද උදේ වරුවේ පුවත්පත් සාකච්ඡාවකට එක් වූ බලශක්ති ඇමති උදය ගම්මන්පි කීවේ පවතින තත්වය මත බොරතෙල් මුදලට ලබා ගැනීම කළ නොහැක්කක් නිසා ණයට හෝ බොර තෙල් ලබා ගැනීමට කටයුතු කරන බවය.
ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඉන්ධන වර්ගය ලබාගැනීමට දින 90කට පෙර ඉල්ලුම් කළ යුතු බවත්, විකල්ප තෙල් වර්ග ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බවත් කියූ ඇමතිවරයා එසේ බොරතෙල් ලබාගැනීමට නොහැකි වුවහොත් ජනවාරි 3 වැනිදා සිට 23 වැනිදා දක්වා දින 20 ක කාලයක් පිරිපහදුව වසාදමන්නට සිදුවනු ඇතැයි සඳහන් කළේය.
එමෙන්ම කෙසේ වෙතත් ජනවාරි 23 සිට අඛණ්ඩ බොර තෙල් ලැබීමක් සහතික වී තිබෙන නිසා ඉන්ධන හිඟයක් පිළිබඳ මෙතෙක් අවදානමක් නැතැයි ද ඇමතිවරයා කීවේය.
Discussions were held regarding supply of crude oil to Sri Lanka for a longer credit period, between the Minister of Energy
Udaya Gammanpila and the Nigerian High Commissioner to Sri Lanka Ahmed Sule at the Ministry of Energy.#UdayaGammanpila #MinistryofEnergy #Ahmed_Sule pic.twitter.com/QIOIey4Bae— Udaya Gammanpila (@UPGammanpila) December 20, 2021







