තත්ත්වය ඉතාම තීරණාත්මකයි! වහාම  IMF යන්න – යුරෝපා සංගමයේ තානාපතිවරු නිවේදනය කරයි….

ශ්‍රි ලංකාවේ මේ වනවිට පවතින තත්ත්වය  ඉතාමත් තීරණාත්මක බවත් ආර්ථිකය නැවතත් තිරසර මාවතකට යොමුකරගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවත්  යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්  අවධාරණය කරති.

ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, සහ එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහකොමසාරිස් කාර්යාල සමඟ එක්ව  නිකුත් කළ සම්පූර්ණ  නිවේදනය මෙසේය.

“සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකම් ලෙස සැළකිය හැකිය. එබැවින් සියලු පාර්ශ්වවලට සාමකාමීව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය  ධනාත්මක පියවරක් ලෙස ද අපි දකින්නෙමු.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ අවධානය යොමුකරන ලෙස ද අපි සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිමු.

Exit mobile version