අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය බරින් ගිල්වා වහලුන් කරගැනීමේ චීන උපායෙහි  ගොදුරක් වුන දූපතක් ගැන ලෝකය කියන කතා

by editor
ඔක්තෝබර් 11, 2023
in පුවත්
china
Share on FacebookShare on Twitter
සිය විශාලතම ද්වි පාර්ශවික ණය හිමියා වන චීනයෙන් ණය සහන රාමුවක් ලබා ගැනීමේ අසාර්ථක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් මධ්‍යයේ දකුණු ආසියාතික රටක් වන ශ්‍රී ලංකාව ඉතා දුෂ්කර තත්ත්වයක් තුළ සිරගත වී සිටින බව Nikkei Asia වාර්තාවක් පෙන්වා දී තිබේ. රටේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් චීනය සහයෝගයෙන් කටයුතු නොකරන අතර, එය ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත මීළඟ ණය වාරිකය ද අවහිර කර ඇතැයි එම වාර්තාව පවසයි.

පසුගිය මාසයේ IMF නිලධාරීන් විසින් කරන ලද සංචාරයේ දී ද ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මන්දගාමී ප්‍රගතිය පිළිබඳ යළිත් වරක් සිහි කැඳවීම් කරනු ලැබීය. එය ඩොලර් මිලියන 330 ක දෙවන වාරිකය අවහිර කිරීම කෙරෙහි සෘජුවම බලපා ඇතැයි සඳහන් වේ.

චීන ණය සහනය ගැන ජනාධිපතිගේ අපේක්ෂාව

බීජිං හි කලාපීය යටිතල පහසුකම් ගොඩනැගීමේ වැඩසටහන වන තීරය සහ මාර්ග මුලපිරීමේ (Belt and Road Initiative) 10 වැනි සංවත්සර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඔක්තෝබර් මැද භාගයේ චීනයේ සංචාරය කිරීමට නියමිතය. Nikkei Asia වාර්තාව පෙන්වා දෙන්නේ එම සංචාරය අතරතුර ණය සහනය ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ සාකච්ඡා කරනු ඇති බවයි.

එහෙත් කොළඹ පිහිටි ආසියානු සහ බටහිර දූත මණ්ඩලවල රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍ර  Nikkei Asia වෙත පවසා ඇත්තේ ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනය දිගින් දිගටම කරන බාධා කිරීම ගැටලුකාරී බවයි.

ශ්‍රී ලංකාව නිල වශයෙන් ඩොලර් බිලියන 50 කට වැඩි මුදලක් චීනයට ණය වී ඇති අතර එය මුළු විදේශ ණයවලින් 10% කි.  චීනයේ වාණිජ බැංකුවලින් ලබා ගත් වාණිජ ණය මෙම නිල සංඛ්‍යාලේඛනවල කොටසක් නොවේ.  ශ්‍රී ලාංකික පර්යේෂණ ආයතනයක් වන Advocata ආයතනයට අනුව, දූපත් ජාතිය චීන සංවර්ධන බැංකු සමාගමට ඩොලර් මිලියන 119 ක්, චීන සංවර්ධන බැංකුවට ඩොලර් මිලියන 232 ක් සහ චීනයේ අපනයන-ආනයන බැංකුවට ඩොලර් මිලියන 232 ක් ලෙස විශාල මුදල් සම්භාරයක් ණය වී ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

අගමැතිට දුන් බොල්  සහතිකය

ආර්ථික අර්බුදයේ ගැඹුරුම අවස්ථාවේ, 2022 දී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට සිදුවූ අතර ශ්‍රී ලංකාව, ව්‍යාපෘති සංවර්ධනය සඳහා ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස බීජිං වෙතින් නැවත නැවතත් ඉල්ලා සිටියේය.

මෙම වසරේ අගෝස්තු 16 වන දින, චීන විදේශ අමාත්‍ය Wang Yi, චීනයේ දකුණු පළාතේ Yunan හි අගනුවර වන Kunming හි පැවති චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සමගාමීව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවේදී, “මූල්‍ය ණය පිළිබඳ අභියෝගයට ඵලදායි ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බවට ප්‍රතිඥා දී තිබුණි. එය මීට පෙර චීන බලධාරීන් ශ්‍රී ලංකාවට දුන් සහතික මෙන්ම බොල් පොරොන්දුවක් වී ඇති අතර Wang Yi විසින් මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත් බවක් දැනගන්නට ලැබී නොමැත.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3 ක ණය දීමේ පැකේජයක් යටතේ සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලංකාවට දැඩි මූල්‍ය අවශ්‍යතාවක් පවතී. එහි පළමු ආධාර වාරිකය දැනටමත් ශ්‍රී ලංකාවට ලැබී ඇත. දෙවන වාරිකයේ දී IMF වෙතින් ඩොලර් මිලියන 330 ක ආධාරයක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, චීනය සහ අනෙකුත් ද්විපාර්ශ්වික ණය දෙන්නන් ශ්‍රී ලංකාවට ණය සහන ප්‍රතිව්‍යුහගත නොකළහොත් එය ලබා නොදීමට බෙහෙවින්ම ඉඩකඩ ඇතැයි වාර්තා වී තිබේ.

චීනය හදන්නේ ණය උගුලකට සිරකිරීමට ද?

මාර්තු මාසයේදී අර්බුදකාරී වාතාවරණයක් මැද මූල්‍ය අරමුදල වෙතින් ඩොලර් මිලියන 330ක පළමු වාරිකය ශ්‍රී ලංකාවට ලැබුණු අතර එය සිදු වූයේ චීනය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාව සහ ජපානය වැනි අනෙකුත් ණය දෙන්නන් සමඟ අකමැත්තෙන් වුවද එක්වීමෙන් පසුවය. එම අවස්ථාවේ බීජිං ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර දෙකක තාවකාලික තහනමක් ලබා දුන්නේය. එහෙත් රාජ්‍ය තාන්ත්‍රිකයකු Nikkei Asia වෙත පවසා ඇත්තේ මේ වන විට පවතින ණය ගෙවීම සඳහා නව ණය ලබා දීමට චීනය යෝජනා කරමින් සිටින බවයි. එය ශ්‍රී ලංකාව තවදුරටත් ණය උගුලේ සිරගත කර ගැනීමේ උපක්‍රමයක් විය හැකි බවයි.

නව ණය ලබාදීම අමතක කළ ද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරික ආධාර ලබා ගැනීමේ මාර්ගය ඔවුන් විසින් අවහිර කර තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මේ සඳහා කමිටුවක් පිහිටුවීය.

එහෙත් චීනය එම කමිටුවට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවට කොළඹ සමඟ සෘජුව ගනුදෙනු කරන බව ප්‍රකාශ කළේය.  Nikkei Asia වාර්තාවට අනුව අනෙකුත් ණය දෙන්නන්ට මෙම විධිවිධානය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොතිබූ අතර ද්වීපාර්ශ්වික මට්ටමින් චීනය සමඟ ගණුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ දීමට ඔවුන්ගේ අකමැත්තක් නොවීය. එහෙත් ණය දෙන්නන්ට අවශ්‍ය වූයේ අනෙකුත් ණය හිමියන්ට හානියකින් තොරව ණය කොන්දේසිවලට අනුග්‍රහය දක්වන විශේෂ ගණුදෙනුවක් චීනය සමඟ සිදු නොවන බව සහතික කිරීමයි. චීනය සමඟ එවැනි විශේෂ ගණුදෙනුවක් සිදු නොවන බවට ශ්‍රී ලංකාව ද ඔවුන්‍ට සහතික විය.

චීන බාධාව

මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ණය හිමියන් චීනය සමඟ රටවල් 26 ක් සහභාගී වූ අතථ්‍ය රැස්වීමක් පැවැත්වීය.  එතැන් සිට මාස කිහිපයක් ගතවී ඇතත් “චීනයෙන් කිසිදු ප්‍රගතියක් නොලැබීම නිසා ජපානය ඉන්දියාව හා ණය දෙන්නන්ගේ කමිටුව තුළ කිසිවක් ස්ථිරව ඉදිරියට ගොස් නැතැ”යි The Japanese Financial Daily පුවත්පත රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍ර උපුටා දක්වමින් පවසනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ණය සීමා කිරීම් මත චීනයේ මෙම බාධාව අඛණ්ඩව පවතින අතර, රට උපායමාර්ගිකව සිර කිරීම දිගටම සිදු කරමින් පවතී. තීරය සහ මාර්ග මුලපිරීම යටතේ එහි ඉදිකරන ලද තිරසාර නොවන යටිතල පහසුකම් හේතුවෙන් ඇති වූ ඩොලර් බිලියන ගණනක ණය බරින් ගැලවීමේ මාර්ගයක් යෝජනා නොකරන අතර ගැලවීමට ඇති මාර්ගද අවහිර කරයි. ඒ වෙනුවට  චීනයේ හමුදා යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවට කඩා වැදීම නිතිපතා සිදුවන අතර ශ්‍රී ලංකාව ඒවා නිහඬ පිළිවෙතකින් පිළිගනිමින් සිටියි. ඔවුන්ගේ එම චාරිකා කලාපය තුළ හා ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික අවශ්‍යතාවලට විශාල හානියක් සිදු කරන බව විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේය.

චන්ද්‍රිකා, රොකට් සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීම් නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන චීනයේ නවතම පරම්පරාවේ නෞකාවක් වන Yuan Wang 5 අගෝස්තු 16 සිට අගෝස්තු 22 දක්වා හම්බන්තොට වරායේ රැඳී සිටියේය. මෙම තත්ත්වය කලාපයේ උපායමාර්ගික චින්තකයින් අතර කණස්සල්ල තවත් ගැඹුරු කරමින් පවතී.  චීන නෞකාවක් වන Shi Yan 6 ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටත සමීක්ෂණ කටයුතු සඳහා ලබන ඔක්තෝබර් 25 වන දිනවන විට කොළඹ සහ හම්බන්තොට වරායන් වෙත පැමිණීමට නියමිතව ඇත. තවත් චීන නෞකාවක් එළැඹෙන ජනවාරියේ පැමිණීමට නියමිතව සිටී.

විදේශ ණයවලින් අතිමහත් බරක් දරා සිටින ශ්‍රී ලංකාවට චීනයේ මෙම විකාරරූපී හැසිරීම අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදු වී ඇති අතර බීජිං වෙත හොඳ මුහුණ පෙන්වීමට ද සිදුවීම ඛේදවාචකයකි. ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති මෙම ඉරණම, සංවර්ධනය වෙමින් පවතින සහ අවදානමට ලක්විය හැකි ජාතියකට පළමුව ණය බර පැටවීම සහ පසුව දේශපාලනික, ආර්ථික, භූගෝලීය සහ උපාය මාර්ගික වශයෙන් එහි හොඳම ප්‍රතිලාභ ලබා ගැනීම බීජිං හි සුප්‍රසිද්ධ උපාය මාර්ගය බව යළිත් මතක් කර දෙන බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

Next Post

අනියම් බිරියව ඔසවා පොලොවේ ගසා ඝාතනය කළ රම්බෝ ට මරණ දඩුවම

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.