ඩොලර් 48කට ජාතිය අපහාසට ලක්කළ සිද්ධියට නිලධාරීන් 03ක් රාජකාරියෙන් ඉවතට!

ඩොලර් 48කට ජාතිය නිරුවත් කරමින් අන්තර්ජාතික ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව බරපතල අප්‍රසාදයකට ලක් කළ  සී/ස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට(AASL) සම්බන්ධ  නිලධාරීන් තිදෙනෙක් තාවකාලිකව එම රාජකාරිවලින් ඉවත් කර ඇති බවත් සිදුවූ ප්‍රමාදය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්  ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි  මාධ්‍යයට පවසා තිබේ.

පසුගිය   සැප්තැම්බර් 26 දින   ජර්මනියේ  ෆ්‍රැන්ෆට් නගරයේ සිට මාලදිවයින දක්වා ගුවන් මගීන් 226 දෙනෙකු රැගෙන ගමන් ගනිමින් තිබූ ජර්මනියේ Condor Air ගුවන් සමාගමට අයත් බෝයිං 767 වර්ගයේ DE2320/26SEP දරණ ගුවන් යානය හදිසියේ කළ ගොඩබැස්වීමට අදාලව  මේ සිද්ධිය වාර්තා වී තිබිණි.

එම ගුවන් යානය නැවත පිටත්වීමට සූදානම්වූ අවස්ථාවේ නියමිත ගාස්තු ගෙවීම සඳහා පැය එකයි විනාඩි 45ක කාලයක් ගත කර තිබූ බවත්  තමන් අත පැහැදිලි වරද තිබිය දී  අදාළ ජර්මන් ගුවන් යානය වැඩිපුර කාලයක් කටුනායක ගුවන් තොටුපලේ රැදී සිටීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් 48 ක ප්‍රමාද ගාස්තුවක්ද ගුවන්තොටුපළ බළධාරීන් අය කිරීම නිසා රටම දැඩි අප්‍රසාදයකට පත් වී තිබුණු බවත්  වාර්තා විය.  .


සිද්ධියේ සම්පූර්ණ විස්තරය කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩොලර් 48කට ලෝකය ඉදිරියේ ජාතියේ රෙදි ගලවා දැමූ ගුවන් සේවයක කතාව!

Exit mobile version