ඩොලර් අර්බුදය අඩු කරන්න නම් උණ්ඩියල්කාරයින් නැති කරන්න ආනයනකරුවකුගෙන් යෝජනාවක්

ශ්‍රි ලංකාවට මේ දිනවල පෙළන ඩොලර් අර්බුදයට එක් හේතුවක් වන්නේ විදේශගත ශ්‍රි ලාංකිකයන් බැංකු මාර්ගයෙන් තොරව නිති විරෝධි උන්ඩියල් ක්‍රමයෙන් ඩොලර් එවීම බවත් එම මුදල් මෙරටට බොහෝ විට එන්නේ කළු සල්ලි ලෙසින් මෙරට ආහාර ද්‍රව්‍ය ආනයනකරුවකු වන එස් එලිල්වෙන්දන් මහතා පවසයි.

තමන් විශ්වාස කරන ආකාරයෙන් මේ වනවිට විදේශගතව සිටින ශ්‍රි ලාංකිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙම උණ්ඩියල් වැනි නීති විරෝධි ක්‍රම හරහා මුදල් එවන බවත් සහල් සීනි තොග අල්ලන ආකාරයෙන් මෙම උන්ඩියල් මාෆියාව නතර කිරීමට පියවර රජය පියවර ගත් යුතු බවත් එලිල්වෙන්දන් මහතා පැවසීය.

ලංකාසර වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ උණ්ඩියල් යනු තමන්ට මෙරටට එවීමට අවශ්‍ය මුදල ඔවුන්ගේ මුදල් ජාලයේ එරට නියෝජිතයකු වෙත ලබා දුන් පසුව ඊට සාපෙක්ෂව මුදලක් ඔවුන්ගේ දේශීය නියෝජිතයා අතින් ලබා ගැනීමයි. මෙම ක්‍රමය මගින් දැනට බැංකුවට වඩා වැඩි අගයක් ඩොලර්වලට ලබා දීමට කටයුතු කරන බවත් මේ හේතුව නිසා ඔවුන් එම ක්‍රමයෙන් මුදල් ගෙන්වා ගන්නා බවත් පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී ඔහු මේ තත්ත්වය තවදුරටත් පැහැදිළි කළේ මෙසේය.
“ ශ්‍රි ලංකාවේ විදේශගත ශ්‍රමිකයන් ඉන්නවා ලක්ෂ ගාණක්. යාපනයේ විතරත් ලක්ෂ දෙකක් පමණ විදේශගත ව සිටිනවා. ඔවුන් මාසිකව තම පවුලේ අය වෙත අඩුම තරමේ ඩොලර් 250ක එවනවා කියල හිතන්න. මේ ගණන ඩොලර්වලින් බැලුවොත් මිලියන 50ක්. මේ මුදල් වලින් වැඩිහරියක් එන්නේ නීත්‍යනුකුල බැංකු පද්ධතියක් හරහා නොවෙයි. ඒ වගේම අපේ ඇතැම් අපයනයකරුවන් සිටිනවා ඔවුන් තමන්ගේ මුදල් ගෙන්වා ගන්නේ උණ්ඩියල් ක්‍රමය හරහා. මේ සල්ලි ඩොලර් හැටියට අපේ බැංකුවලට එන්නේ නෑ. මේක මාෆියාවක් . ඊට සම්බන්ධිත ජාලයක් තිබෙනවා. එය හඳුනා ගත යුතුයි. ඊට බුද්ධි අංශ සම්බන්ධ කර ගත හැකියි.
එලිල්වෙන්දන් මහතා කරන තවත් යෝජනාවක් වන්නේ මෙලෙස විදේශ මුදල් එවන ශ්‍රි ලාංකිකයන්ට යම් දිරි ගැන්වීමක් කරන ලෙසය. ඔවුන්ට එවන ඩොලර් වෙනුවෙන් යම් කොමිස් මුදලක් ලබා දිම එසේ නැතිනම් රජය මගින් ඔවුන්ට ප්‍රමුඛතා , ප්‍රතිලාබ ලබා දීම මගින් ඔවුන් දිරි ගැන්විය හැකි බව එලිලිවෙන්දන් මහතා පෙන්වා දෙයි. තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා වෙත යෝජනාවක්ද ඉදිරිපත් කළ බවත් පැවසූ අතර රටේ විනිමය අර්බුදය අවම කර ගැනීමට රටට හිතෛශී කාගේත් කැපවීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය.

Exit mobile version