ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ නව විකෘති ප්‍රභේද තුනක් ලංකාවේ….

covid-delta-veriyant

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘති ප්‍රභේද 3ක් හදුනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය සමත් වී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සදහන් කරයි.

මෙසේ හදුනාගෙන ඇති විකෘති ප්‍රභේද තුන S A 222 V , SA 1078 S, SA 701 S යනුවෙන් නම් කර ඇති බවද ඇමතිවරයා සදහන් කරයි

මෙම නව ප්‍ර‌භේදයන් හේතුවෙන් ඩෙල්ටා වයිරසය සියයට 60 හා 70 වේගයෙන් පැතිර යාමට හේතුව වී ඇතැයිද ඔහු සදහන් කරයි.

අපි මේ සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් විමසු කළ ඔහු සදහන් කළේ මෙම විකෘති ප්‍රභේදයන් හඳුනා ගත් ප්‍රදේශයන් ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කරන බවත් තව දුරටත් නව ප්‍රභේදයන් ඇතිව තිබේද යන්න පිලිබදව පරික්ෂණ අඛණ්ඩව සිදුකරමින් පවතින බවත්ය.

Exit mobile version