ඩුබායිහි සිට ලාංකිකයන් 290ක් අද දිවයිනට

ඩුබායි සිට අද අළුයම ලංකාවට පැමිණි ගුවන් යානයේ ශ්‍රමිකයන් 290 ක් සිටි අතර ඔවුන්ගෙන් 123 දෙනෙක්ම ගැබිනි කාන්තාවන් බවත් ඒ සියලු ගැබිනියන් නිත්‍යානුකූලව තම ස්වාමිපුරුෂයා සමඟ විදේශගත වූවන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙම කාන්තාවන් විදේශ රැකියා සඳහා ගොස් අනාචාරයේ හැසිරී ගැබ් ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පලවී තිබෙන බව පවසන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා මෙවැනි ප්‍රචාර තුළින් මෙම ගැබිණි කාන්තාවන්ට මෙන්ම විදේශ රැකියා රැකියාවල නියැලෙන සමස්ත කාන්තාවන්ට බලවත් අපහාසයක් සිදු වන බව පෙන්වා දුන්නේය.

UL-226 දරණ ගුවන්යානයෙන් අද අලුයම 5.30 ට පමණ කටුනායක ගුවන්තොටුපල පැමිණි මෙම 290 දෙනාම සෞඛ්‍ය පිළිවෙත්වලට අනුව PCR පරීක්ෂණයට ලක් කළ බව හෙතෙම කීය.


ඩුබායි, කටාර්, අබුඩාබි සිට පැමිණි මෙම පිරිස දිගු කාලයක සිට ලංකාවට පැමිණීමට උත්සාහ කළත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුනට පැමිණීමට නොහැකි වූ බවත් ඔවුන් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉදිරියේ ගත යුතු සියලු කාර්ය නොපිරිහෙලා ඉටුකරන බවත් රන්දෙණිය මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනයේ පැමිණීම සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ කල අතර එහිදී කාන්තාවන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version