ඩුබායිහි ලොතරැයියකින් ශ්‍රී ලාංකිකයකුට කෝටි 64ක්

ඩුබායි හි පෞද්ගලික සමාගමක සේවය කරන ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් මිෂ්ෆක් එරට දී දිනුම් අදින ලද ලොතරැයියක ඩිරාම් මිලියන 12 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 64) පළමු ත්‍යාගය ජයග්‍රයණය කර තිබේ.

මිෂ්ෆක් නිවාඩුවට ශ්‍රී ලංකාවේ ගතකරමින් සිටින අතරතුර ගල්ෆ් ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම ජයග්‍රහණය පිළිබඳව තමා සතුටට පත්වන බවයි. “මට හුස්ම ගන්න තියා කෙළින් ඉන්නවත් බෑ. මගේ ජංගම දුරකථනයෙන් මට එන ඇමතුම් කෙළවරක් නෑ. ” යනුවෙනි.

36 හැවිරිද මිෂ්ෆක් සිය ජයග්‍රාහී ටිකට් පතේ තෑගි මුදල තවත් 20 දෙනෙකු සමඟ බෙදා ගන්නා බව කියයි. ඒ එම ටිකට් පත සෑම දිනම මිලදී ගන්නේ ඔවුන් සියලු දෙනා එකතු කරගන්නා ලද මුදලින් වීම නිසාය.


“මගේ කොටස ඩිරාම් 600,000 ක් පමණ තමයි වෙන්නෙ. මේකට ඇත්තටම ස්තූතිවන්ත වෙනවා. මගේ පියා ශල්‍යකර්මයකට භාජනය වුණා. මෙම මුදල් ඊට වියදම් කරන්න පුළුවන් වීම මට ලොකු පහසුවක්.”

ඔහු පැවසුවේ ඩුබායිහි තම රැකියාවෙන් මසකට ඩිරාම් 7,000 ක් පමණ උපයන බවය.

“ටිකට් පතට දායක වූ අනෙක් අය මා මෙන්ම අතිශයින් සතුටට පත්ව සිටිනවා. හැකි ඉක්මනින් තැගි මුදල ගන්න එන්න කියලා ඔවුන් මට කිව්වා. ”

මිෂ්ෆැක්ගෙ ලොතරැයියේ පළමු දිනුම දිනා ගත්තේ 054978 ටිකට් අංකයට ය. ඔහු පසුගිය වසර 10 ක කාලය තුළ ඩුබායි හි පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ මිතුරන් සමඟ එහි නැවතී සිටි. ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනා සමඟ ශ්‍රී ලංකාවේ වාසය කරයි.

“මගේ අඩු වැටුප නිසා මගේ පවුල ඩුබායි ගෙන ඒමට මට නොහැකි වුණා. මම දිනුවා යැයි කීමට ලොතරැයි සමාගමෙන් මට කතා කළ විට, මගේ සතුට නිමක් නැති වුණා. ”

මිෂ්ෆක් කියා සිටියේ තම මිතුරන් 20 දෙනා සමඟ පසුගිය වසර එකහමාරක කාලය තුළ ඔහු ටිකට් පත මිලදී ගෙන ඇති බවයි. බිග් ටිකට් පතට සහභාගී වීම සඳහා ඔවුන් සෑම මසකම මුදල් එකතු කරති.

දිනාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් තම පවුලේ මූල්‍ය ප්‍රශ්න විසඳීමට සහ ශ්‍රී ලංකාවේ වෙසෙන තම දරුවන් දෙදෙනාට සහ බිරිඳට නිවසක් ඉදිකරන බව ද ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහි දෙවන ත්‍යාග මුදලේ සිට දිනුම් ගණනාවක් හිමිකරගෙන තිබුණේ ඉන්දිය ජාතිකයන් කිහිපදෙනෙකු හා පාකිස්තාන ජාතිකයකු විසිනි.

Exit mobile version