ඩී.අයි.ජී දේශබන්දු වහාම බස්නාහිරින් ඉවත් කරන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝගයක්!

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් වගකීමක් වෙත මාරු කරන ලෙස නීතිපති සංජය රාජරත්නම්   විසින් පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරනු ලැබ  ඇති බව වාර්තා වේ. 

පසුගිය මැසි 09 වැනිදා ගාලු මුවදොර සාමකාමී අරගලයට සහභාගී ව සිටි පිරිසට එල්ල කරන ලද මැර ප්‍රහාරය සම්බන්ධ  විමර්ශන කටයුතුවලදී ඔහු දැනට බස්නාරිහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටුයතු කිරීම බාධාවක් බැවින් එම  පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ලිඛිත ව කරන ලද ඉල්ලීමෙහි සඳහන් වන බව පොලස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහය පළ කිරීම සඳහා අරලියගහ මන්දිරයට රැස්වූ පිරිස් විසින් අරලිය ගහ මන්දිරය අසළ මයිනාගෝගම සහ ගාලුමුවදොර ගොඨාගෝගම විරෝධතා ස්ථානවලට එල්ල කළ ප්‍රහාරයට අනුබල සහ සහය ලබා ද්‍රන් බවට මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.

මේ වනවිට ඒ සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් ගණනාවකගෙන් ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.


මේ ලිපියත් කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනපතිත් අන්දලා?

Exit mobile version