මැයි 09 අපරාධයට මුල් වෙමින් ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂකයින්ට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු පුද්ගලයින් 8 දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කළේය.
පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අද (19) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබිණි.
මෙම සැකකරුවන් අතරින් 4 දෙනෙකු මීළඟ දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කළේය.







