ජෛව බුබුලක පවත්වන ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසියේ 5500ක්…

මහනුවර ඇසළ පෙරහර මහජන සහභාගිත්වයෙන් තොරව පැවතියද ආරක්ෂක කටයුතු වෙනුවෙන් මධ්‍යම පළාතේ පොලිස් නිලධාරීන් 5500 ක පමණ සංඛ්‍යාවක් සේවයේ යෙදවීමට තීරණය කර තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක කීය.

මෙම පොලිස් නිලධාරීන් සියලු දෙනාද පෙරහර අවසන් වන තෙක් ජෛව බුබුළක් ලෙස රඳවා ගැනීමට පියවර ගන්නා බවද ඔහු පවසයි.

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය මහජන සහභාගිත්වයකින් තොරව ජෛව බුබුලක් තුළ පවත්වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල ඊයේ (10) ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙරහරට සම්බන්ධ වන කලාකරුවන් සියලු දෙනා ජෛව බුබුළක් ලෙස රඳවා ගනිමින් මෙවර පෙරහර පැවැත්වීමට සැළසුම්කර තිබෙන බවද ඔහු පැවසුවේය

මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර මෙම මස 13 දින වීදී සංචාරය ආරම්භ කිරීමට නියමිතය.

අවසන් රන්දෝලි මහ පෙරහර පැවැත්වීමට නියමිතව ඇත්තේ නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 22 දින රාත්‍රියේය


Exit mobile version