2025 ජූලි 1 වන දින සිට සියලුම බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ. අදාල නීතිය පිළිනොපදින රියදුන්ට එරෙහිව නීදිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව නිවේදනය කරයි.
ආසන පටි රෙගුලාසි අඛණ්ඩව නොසලකා හැරීමත්, සහ බස් රථ සම්බන්ධ මාර්ග අනතුරු සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාමත් පිළිබඳව අධ්‍යයනයකින් අනතුරුව මෙම තීරණය ගත් බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ 2011 ඔක්තෝබර් 1 වන දින සිට රියදුරන් ආසන පටි පැළඳීම නීත්‍යානුකූලව අවශ්‍ය වුවද, එය ක්‍රියාත්මක කිරීම ලිහිල් වී තිබිණි.
බොහෝ මාර්ග අනතුරු සිදුවන්නේ බස් රථ රියදුරන් ආසන පටි පැළඳ නොසිටීම ඇතුළු මූලික ආරක්ෂක පිළිවෙත් නොසලකා හැරීම නිසා බව සභාපතිවරයා අවධාරණය කළේය.







