ජූනි 07 තෙක් සංචරණ සීමා දීර්ඝ වේ…

ජූනි 7 වැනි දා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව රජය පවසයි. වසා දමා ඇති කාලය තුළ දින තුනක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට රජය පියවරගෙන ඇත.

ඒ අනුව හෙට 25 අලුයම 4.00 සිට පස්වරු 11.00 තෙක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සංචරණ සීමා ලිහිල් කෙරේ. නැවත හෙට රාත්‍රී 11.00 සංචරණ සිමා පනවන අතර එය 31 වැනි දා අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා ලිහිල් කිරීමට නියමිතය.   . ජුනි 4 වැනි දා ද ඒ ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට පමණක් සංචරණ සීමා ලිහිල් කරන බව රජය දන්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචරණ සීමා ලිහිල් කල කාලය තුළ රථ වාහනවලින් ගමන් කිරීම තහනම් කර ඇත. ලඟම ඇති නගරයට හෝ ගමේ කඩයට යෑම සඳහා පමණක් මෙම සංචරණ සීමා ලිහිල්වන බව රජය කියයි. යුද හමුදාපතිවරයා පවසන්නේ සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් සිදු කර නැති බව ය.


 

 

Exit mobile version