ජුබිලිකණුව උද්ඝෝෂණය ව්‍යසනයක් කළේ කුප්‍රකට මැර කණ්ඩායමක් ද?. සමාජ ක්‍රියාධරයෝ අසති…

නුගේගොඩ ජුබිලිකණුව මංසන්ධියේ ප්‍රදේශවාසී ඉහළ මධ්‍යමපාන්තික ප්‍රදේශවාසීන් පිරිසක් විසින් සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණය මැර ගැටුමක් තෙක් වර්ධනය කිරීමට එක්තරා කුප්‍රකට මැර කණ්ඩායමක් ක්‍රියාකළ බව සමාජ ක්‍රියාධාරීහු පවසති.


නුගේගොඩ ජුබිලිකණුවේ පැවැත්වූ මෙම සාමකාමී විරෝධතාවය රටේ පවතින පීඩාකාරී තත්වයට එරෙහිව සිදුවෙමින් තිබිය දී මේ සම්බන්ධව පුලුල් ප්‍රචාරයක් මාධ්‍යය ඔස්සේ ලැබී තිබිණි.

මේ දැනුම්වත්වීම් සමග යතුරුපැදිවලින් පැමිණි විශාල තරුණ පිරිසක් උද්ඝෝෂණයට එක් වීමට පැමිණි බවත්, ඔවුන් අතත් පොළු මුගුරක් හෝ නොතිබුණු බවත් උද්ඝෝෂණයට සම්බන්ධවූවන් පැහැදිලි කළේය.


 

සාමාකමී උද්ඝෝෂණය ජනාධිපතිවරයාගේ නිවස තෙක් ගමන් කරන පා ගමනක් බවට පත්වී ඇත්තේ මේ පිරිස් ඒකරාශී වීමෙන් බවත් එම අවස්ථාව පාලනය කිරීම සඳහා පොලිස් මාර්ග බාධක තුනක් යොදවා විශේෂ පොලිස් කණ්ඩායම් කැඳවීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාව ද ගෙන්වා තිබිණි. එම පොලිස් කණ්ඩායම්, ආරක්ෂක නිලධාරීන් සහ පැමිණ සිටි උද්ඝෝෂකයන් අතර සංවාදය තුළ කිසිම ප්‍රකෝපකාරී සිදුවීමක් වාර්තා නොවුනත් බස් රථයකට ගිනි තැබීම, අනතුරුව එල්ල කළ කඳුළුගෑස් ප්‍රහාරය සමග පිරිස කෝපාවිෂ්ට වූ බව උද්ඝෝෂණයට එක් වී සිටි පිරිස් පවසති.

බස් රථයට ගිනි තැබූ අවස්ථාව සමාජ මාධ්‍ය වාර්තා කළ ආකාරය…

මෙම බස් රථයට ගිනි තැබීම සහ ගල් මුල් ප්‍රහාර එල්ලවීම ඉතාම සැක සහිත බවත් බස් රථයේ ටයරයට ගිනි තබන පුද්ගලයා  කෝට්ටේ පිහිටි ආයතනයක් වෙත දුවනවා දුටු බවත් කියැවෙන සමාජ මාධ්‍ය සටහනක් ප්‍රචාරය විය.

Jubilikanuwa
උද්ඝෝෂණය වෙනතකට හැරවූ බස් රථයට ගිනි තැබීමේ සිද්ධිය…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති මාධ්‍ය අංශය කීවේ සංවිධානාත්මක අන්තවාදී මැර කණ්ඩායමක් ජනපති නිවස වැටලූ බවය.

Exit mobile version