ජීවත්වීම සඳහා සුදුසු වාතාවරණයක් රටේ නොමැතිව දිනෙන් දින කටුක අත්දැකීම් ලබන්නට සිදුවන්නේ නම් ඕනෑම වෘත්තියවේදියෙක් තමන් සතු සුදුසුකම් අනුව වෙනත් සුදුසු රටකට ගොස් නිදහසේ ජීවත්වීමට උත්සහ කිරීම සාමාන්‍ය තත්ත්වයක් බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ මහනුවර ගලහ ප්‍රදේශයේ පැවති උත්සයකින් පසු මාධ්‍ය අමතා අදහස් දක්වමිනි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ රට හැර යෑම සම්බන්ධව වෘත්තිකයින්ට දොස් පැවරිය නොහැකි බවය.
නමුත් මේ වනවිට යළිත් රට ක්‍රමානුකූලව යහපත් දිශාවට ගමන් ගන්නා බැවින් රට හැර ගිය වෘත්තිකයින් ඉදිරියේ දී නැවත රටට එනු ඇතැයි තමා විශ්වාස කරන බවට ඇමතිවරයා විශ්වාසය පලකළේය.
කෙසේ වෙතත් ඉදිරියේ දී වෛද්‍ය පීඨවෙත බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තුන් ගුණයකින් පමණ ඉහළ දමා තිබෙන බැවින් ඉදිරි කාලයේ දී මෙරට වෛද්‍ය හිඟය පහව යනු ඇතැයි ද සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.







