ජි.එල් පොහොට්ටු සභාපති කමින් නෙරපයි!

GL

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ   සභාපති ධූරයෙන් මහාචාර්ය ජී එල් පීරිස්   ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් අද පැවසුවේය.

පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගත් බවයි සාගර කාරියවසම් වැඩිදුරටත් කියා සිටියේය.

ජී එල් පීරිස් මන්ත්‍රීවරයාට පසුගියදා රැස්වීමකට සහභාගි වන ලෙස ලිඛිතව ආරාධනා කළද ඔහු එම රැස්වීමට සහභාගි නොවූ බවද ඔහු  කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරි සතියේදී පක්ෂයේ විධායක සභාව රැස්වී නව සභාපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


Exit mobile version