දැඩි සත්කාර ඒකකයේ ජීවිතය සමග සටනක සිටිද්දීත් සිය පියාණන් සමග ඇරියස් කවර් කරගැනීමට උත්සාහ කළ කීප දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කළ මඩ ප්‍රහාර ඉවසා දරා ගත හැකි වුවත් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයෙක් අතාර්කික බොරු ප්‍රකාශ කිරීම තමන් ඇතුළු පවුල කම්පනයට පත් කළ බවත් සිය පියාණන් අවසන් මොහොත තෙක් හුස්ම ගත්තේ තම පවුලේ ඥාතීන් විසින් කොළඹ ජාතික රෝහල වෙත පරිත්‍යාග කළ නවීනතම වෙන්ටිලේටර් යන්ත්‍රයකින් බවත් අද (12) අවසන් ගමන් ගිය සිය පියාණන් වූ ජැක්සන් ඇන්තනිගේ අවමංගලෝත්සවයේ ස්තුති කතාව කරමින් සජිත ඇන්තනි ප්‍රකාශ කළේය.
“අවසන් මොහොත වනතුරු මගේ අප්පච්චි හුස්ම ගත්ත අපි පරිත්‍යාග කළ ඒ යන්ත්‍රය තව අවුරුදු 15ක් 20ක් යනතුරු සිය දහස් ගණනක් අසරණ මිනිස්සුන්ට හුස්ම දේවි. “
ඔහු කීවේය.
සජිත ඇන්තනි අවමංගල ස්තුති කතාව කරමින් මෙසේ ද පැවසුවේය.
“ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු, කාර්ය මණ්ඩලය තමන්ගේ තාත්තා රැක බලා ගන්නවා වගේ දින 454ක් අප්පච්චි රැක බලා ගත්තා. ඒ ගැන ස්තුති කරන්න වචන ප්‍රමාණවත් නැ. “
“අප්පච්චි දැඩි සත්කාර ඒකකයේ හිටියේ දින 454යි. ඒත් රෝහලේම අධ්‍යක්ෂවරයෙක් අප්පච්චි අයි.සී.යූ හිටපු දින ගණන දින 500ක් කියලා දිග කතාවක් කිව්වා. 454ක් 500ක් කළා. ඒක කොච්චර දිග ද . ආසන්න අගයට වටයලාවත් නොවෙයි මේ බොරුව නිර්මාණය කරන්නේ. “
රෝහලටම සම්බන්ධ කෙනෙක් මෙහෙම කියනකොටයි ගැටලුව. මේ ව්‍යාජය අරන් ගිය අනෙක් කෙනා ගැන අපට ප්‍රශ්නයක් නෑ. එයා මේ යූටියුබ් එකෙන් මතයක් හදන්න හදපු කෙනෙක්. නමුත් රෝහලෙන්ම මේ මතයක හදන්න හදනකොට මට හිතුනා මේ ඇත්ත කිව යුතුයි කියලා.
“මම ස්තුතිවන්ත වෙනවා මගේ අප්පච්චිට හුස්ම ගන්න වෙන්ටිලේටර් මෙෂින් එකක් මිල දී ගන්න මට උදව් කරපු මගේ අපච්චිගේම ඥාති පිරිසට. අපච්චි ජීවිතයත් මරණයත් අතර සටනක් කරද්දි අපිට රඟපාන්න යන්න සිද්ධ වුනා. හිතන්න අපි මොන තරම් ආර්ථික අපහසුතාවයකට පත් වෙන්න ඇද්ද. මේ අප ඇතුළු හැමෝටම අමාරු කාලයක්. සහන බාලපොරොත්තු වන කාලයක් මිසක් පරිත්‍යාග කරන කාලයක් නොවෙයි. නමුත් ඒ කාලයේ අප්පච්චි හුස්ම ගන්න මෙෂින් එක දිහා බලන් හිටපු මම අපච්චි හුස්ම ගන්න මැෂින් එක වගේ මෙෂින් එකක් මිලදී අරගෙන හොස්පිට්ල් එකට පරිත්‍යාග කරන්න ඕන කියලා හිතුවා.”
ඒක විශාල මුදලක්. මම හිතන්නේ අද කොළඹ ජාතික රෝහලේ එවැනි මෙෂින් දෙකයි තියෙන්නේ. ඒ මෙෂින් එකට සල්ලි එකතු කරන්න සූදානම් වෙද්දි අප්පච්චිගේ යාලුවො එකතුවෙලා ජනතාවගෙන් එකතු කරමු කියලා කිව්වා. ජැක්සන්ට හුස්ම ගන්න හැමෝම උදව් කරයි කියලා.
මම කිව්වා නෑ.. එහෙම නෙමෙයි. අපි අසරණ වෙලා අමාරු වෙලා ඉන්න වෙලාවෙ අපිම මේ මෙෂින් එක ගන්න ඕන කියලා. අපි මෙෂින් එකක් මිලදී ගත්තා. ඒකට උදව් කරපු සියලුම දෙනාට ස්තුතියි.
අප්පච්චි අන්තිම හුස්ම හෙළනකම් හුස්ම ගත්තේ අපි විසින් හොස්පිට්ල් එකට පරිත්‍යාග කළ මෙෂිමකින්.
ඔය මෙෂින් එක ගැන සමාජ මාධ්‍යවල අර අපේ අපච්චි එක්ක ඇරියස් කවර් කරන්න හදපු එක්කෙනා දෙන්නා පස්සේ ගිය අයට කිව්වෙ නෑ. ඒත් අද වෙද්දි ඒ මෙෂින් එකෙන් කවුරු හෝ රෝගියෙක් හුස්ම ගන්නවා ඇති.
තව අවුරුදු 15ක 20ක්, කී දෙනෙකුගේ ජීවිතවලට හුස්ම දෙයිද මේ මෙෂින් එක.
සජිත ඇන්තනි පැවසුවේ නොකියා සිටීමට උත්සාහ කළ කතාව පියාගේ අවසන් මොහොතේ හෙළි දරවු කළ බවය.