බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ලයිස්තු ගැටුම දුර යයි… මන්ත්‍රීවරු 17ක් සමග සජිත්ගෙන් කැඩෙන්න සුලු පක්ෂ සූදානමක්….

දිනාගත් මන්ත්‍රී ධුර 47න් 27ක් දිනා දී ඇත්තෙ සුලු ජාතිකන්... ජාතික ලයිස්තුව හරියට බෙදන්න... සජිත්ට කියයි...

by editor
අගෝස්තු 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ සටනට පෙර පොරොන්දු වූ ආකාරයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර තමන්ට ලබා නොදෙන්නේ නම්  මන්ත්‍රීවරුන් 17ක් සමග එක්වී සුළු පක්ෂ සන්ධානයක් ලෙස විපක්ෂයේ වෙනම අසුන් ගන්නා බව පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම්  ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත දන්වා තිබේ.

මෙහිදී සජිත් ප්‍රේමදාසගේ ජාතික ජනබලවේගය වෙත  කඳුකරයේ දෙමළ පක්ෂ තුනක් වන මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, පලනි දිගම්බරම්ගේ ජාතික කම්කරු සංගමය හා වේලුසාමි රාධක්‍රිෂ්ණන්ගේ කඳුරට ජනතා පෙරමුණ සහයෝගය දැක්වූයේ සංධානයක් ලෙසය.

මනෝ ගනේෂන් හා  පලනි දිගම්බරම් හා රාධක්‍රිෂ්ණන් එකමුතුව මන්ත්‍රී ධුර 06ක් ද, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රී ධුර 05ක් ද, රවුෆ් හකීම් මන්ත්‍රී ධුර 06ක් ද සමගි ජනබලවේගය වෙත දිනා දී ඇති පසුබිමක තමන්ගේ මුල් එකඟතාව ප්‍රමුඛ කොට ඉටු කළ යුතුව ඇති බව ඔවුහු සජිත් ප්‍රේමදාස වෙත දන්වා යවා ඇත.

ඔවුන් ඉල්ලා සිටින්නේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර අතරින් මනෝ ගනේෂන්, දිගම්බරම්, රාධ ක්‍රිෂ්ණන් සංධානයට එක් මන්ත්‍රි ධුරයකුත්, රාෂාඩ් බදියුදීන්ගේ ජාතික සභාවට මන්ත්‍රී ධුරයකුත්, රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රී ධුරයකුත් ලෙස මන්ත්‍රී ධුර තුනකි. සමගි ජනබලවේගයට ලැබී ඇත්තේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 7ක් බැවින් ජාතික ලයිස්තුවේ සිටින චන්දයට වියදම් කළ කොටස් තමන්ගේ මන්ත්‍රී ධුර තමන්ට ලබා දෙන ලෙස බලපෑම් කරමින් සිටී.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මේ තත්වය තුළ  සුළු පක්ෂ එල්ල කරන පීඩනය හා ජාතික ලයිස්තුවේ සිටින කණ්ඩායම ඇති කරන පීඩනය බලවත්ව ඇති බැවින් ජාතික ලයිස්තුව පිලියෙල කිරීමේ දී සමගි ජන බලවේගය බරපතල අර්බුදකයට මුහුණ දී සිටී.

ජාතික ලයිස්තුව නොමැතිව සමගි ජනබලවේගය තරග කර දිනා ගත් ආසන ගණන 47කි. ඉන් මන්ත්‍රී ධුර 20ක් දිනාගෙන තිබෙන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ය. මන්ත්‍රී ධුර 07ක් දිනා දී ඇත්තේ දෙමළ මන්ත්‍රීවරුන්ය. එවැනි නියෝජනයක් සහිත  සමගි ජනබලවේගය ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීමේදී සාධාරණ විය යුතු බව සුලු පක්ෂ පෙන්වා දී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි…

Next Post

අලුත් වත්තේ කසල සතුන්ට විස වෙන ලකුණු

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.