අසාධ්‍යවන කොවිඩ් රෝගීන් සඳහා කොළඹ ජාතික රෝහලේ භාවිතයට ගැනීමට නොහැකිව තිබූ දැඩිසත්කාර එකකයක් නවීකරණය කිරිම මේ දිනවල කඩිනමින් සිදුකරන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය..
මෙම දැඩිසත්කාර ඒකකය නවීකරණ කිරීමෙන් පසුව අසාධ්‍යවන රෝගීන් 10 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා දිමට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.
මෙසේ නවීකරණය කරන දැඩිසත්කාර ඒකකය සඳහා උපකරණවල හිඟයක් පවතින බැවින් එම උපකරණ පරිත්‍යාග කිරීමට හැකි අයෙක් වෙත්නම් කොළඹ ජාතික රෝහල අමතා අවශ්‍ය විස්තර ලබා ගත හැකි බවද සඳහන් වේ.
ජාතික රෝහල තුළ මෙම දැඩිසත්කාර ඒකකයට අමතරව තවත් දැඩිසත්කාර ඒකකයක් කොවිඩ් රෝගීන් සදහා වෙන් කර ඇති අතර එහි රෝගීන් 15 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා දීමේ හැකියාවක් පවතින බවද සදහන්වේ.