කොළඹ ජාතික රෝහලට දිනකට රැපිඩ් ඇන්ටිජන් කට්ටල 1000ක් අවශ්‍ය වුවද ලැබෙමින් ඇත්තේ කට්ටල 200ක ප්‍රමාණයක් පමණක් යැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම හිගය හේතුවෙන් සැක සහිත රෝගීන්ගෙන් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවන් නිසිලෙස සිදුකිරීමට නොහැකි වී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරත් පෙන්වා දෙයි.
මේ වන විට කොළඹ ජාතික රෝහල තුළ වාට්ටු 8ක කොවිඩ් ආසාදිත රෝගින් 370ක් දෙනා නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඉදිරි දිනවලදී රෝගීන් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් සිදුවුවහොත් වාට්ටු සංඛ්‍යාවද වැඩිකිරීමට සිදුවනු ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් බහුතරය බෝනොවන රෝගයකින් පෙළෙන අතරම බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් අය බවද ඔහු සඳහන් කළේය.







