ජාතික ජනබලවේගයයේ දේශපාලන රැස්වීම් කිහිපයකට සහභාගි වූයේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තට අහිමි කළ තනතුරට අදාළ වරප්‍රසාද නැවත ලබාදීම සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බව නීතිපතිවරයා ඊයේ (07දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එම පෙත්සම ලබන මස 6 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල දින නියම කළේය.
විනිසුරු මඬුල්ල එදිනට පෙර පෙත්සම්කරුගේ වරප්‍රසාද සම්බන්ධයෙන් පෙත්සම්කරුට හා ඔහුගේ නීතිඥවරයාට ලිඛිතව දැනුම් දෙන ලෙසට ද නීතිපතිවරයාට නියෝග කළේය.
නීතිඥ සුනිල් වටගල සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.