ජාතික ආරක්ෂාව ගැන විමසන්න හිටපු ආරක්ෂක ලේකම්වරුන් දෙපළටම වෙලාවක් තිබී නෑ

පාස්කු කොමිසමේ දී හෙළිවෙයි

ජාතික ආරක්ෂාවට අදාළ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට සහ නිසි පියවර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා කිහිප වරකදීම එවකට සිටි ආරක්ෂක ලේකම්වරුන් වන කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු හමුවීමට උත්සාහ කළද ඔවුන් දෙදෙනාගෙන්ම ඊට නිසි ප්‍රතිචාර නොලැබුණු බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේදී අද (09) හෙළිවිය.

මේ බව අනාවරණය කළේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරියෙකි. අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් මෙම නිලධාරියා ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ 2017 ත් 2019 ත් අතර කාලයේ සේවයේ නිතරව සිටි අයෙකි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානියා සමඟ මේ ගැන සාකච්ඡා කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරුන්ගෙන් අවස්ථාවක් නොදුන්නේ ඔවුන්ට වෙනත් රාජකාරි සදහා ප්‍රමුඛතාව ලබා දීම නිසා වන්නට ඇති බව එම බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ සදහන් කළේය.


මේ තත්ත්වය නිසා ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයට බුද්ධි අංශ විසින් ඉදිරිපත් කරනු ලබන බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කිරීමේදී විශාල පරතරයක් නිර්මාණය වූ බවද ඔහු පැවැසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සතියකට දෙවතාවක් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැයක දෙකක කාලයක් අදාළ ආරක්ෂක ලේකම්වරුන්ගෙන් එවකට ජාතික බුද්ධි ප්‍රධානියා අවස්ථාවක් ඉල්ලා ඇතත් ඊට අවස්ථාවක් හිමි නොවූ බවද කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් බුද්ධි අංශ නිලධාරියා සඳහන් සදහන් කළේය.

Exit mobile version