ජල ගැලුම් නිම්නය වනසන්න කියන රාජ්‍ය ඇමතිට වනජීවී නිලධාරීන්ගේ විරෝධය…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



වනජීවී රාජ්‍ය ඇමතිවරයා විසින් පොලොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුළු කිරිමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවි නිලධාරින්ට බලපෑම් කර තර්ජනය කිරිමට විරෝධය දක්වමින් හෙට (27) දින සිට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පැවසුවේය.
අද (26) මාධ්‍යයට විශේෂ ප්‍රකාශක් කළ ප්‍රභාෂ් කරුණාතිලක තවදුරටත් කියා සිටියේ වනජිවි රාජ්‍යය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජිවි නිලධාරින්ට බල කරන බවය. මහවැලි කලාපයේ පොලෙන්නරුව ජල ගැලුම් නිම්නයේ රක්ෂිතයට අනවසරෙන් පුද්ගලයන්ට ඇතුල්විමට, අනවසර එලි පෙහෙලි කිරීම්වලට අවසර ලබාදෙන ලෙසට නිලධාරින්ට තර්ජනය කරන බවය.
“ රාජ්‍යය අමාත්‍යවරයා මේ විනාශ කරන්න හදන්නෙ වන අලින්ගේ අහාර සහ ජලය. වන අලි ගම් වැදීම වැළැක්වීමට ඇති දේවල් තමයි රාජ්‍යය අමාත්‍යවරයා විසින් විනාශ කරන්නේ. ඇමතිවරයාගේ හැසිරීම සම්බන්ධ අපේ විරෝධය අප ලිඛිතව ඔහු වෙත දන්වා තිබෙනවා. හෙට(27) දින උදැසන එ සම්බන්ධයෙන් පිලිතුරක් නොමැති වුවහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹෙනවා. “
සභාපතිවරයා කීවේය.

Exit mobile version