ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ප්‍රසන්න පෙරේරා පත් කර තිබේ. ප්‍රසන්න පෙරේරා යනු කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේගයේ මාධ්‍ය ආවරණයන් මෙහෙයවීමේ මූලිකව වගකීම් සහිතව ක්‍රියා කළ බොහෝ ප්‍රසාදයට පත් නිලධාරියෙකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති ප්‍රසන්න පෙරේරා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ.
ප්‍රසන්න පෙරේරා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

එමෙන් ප්‍රවීන මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර ජනාධිපති මාධ්‍ය උපදේශකවරයා ලෙස පත් කර තිබේ. ඔහු වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විශිෂ්ට සන්නිවේදකයෙකු ලෙසද ප්‍රෙක්ෂක හදවත් දිනා ගෙන තිබෙන ඔහු ලේඛකයෙකුද වෙයි.

එමෙන්ම ජාත්‍යාන්තර කීර්තියට පත් ඡායාරූප මාධ්‍යවේදියෙක් වූ කලක් රොයිටර් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස කටයුතු කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි ජාත්‍යාන්තර මාධ්‍ය හා උපායමාර්ගික සන්නිවේදන අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇත. රොයිටර් ප්රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය මෙරට පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේය. ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි.








