ජනාධිපතිවරයා රාජ්‍ය බැංකු පද්ධතියේ නිලධාරීන්ට අනතුරු හඟවයි!

රටේ ආර්ථිකය ගොනැගීමට යන ගමනේ දී මහ  බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු රජය විසින් ලබා දෙන උපදෙස්  නිසි ලෙස ක්‍රියාත්මක නොකරන්නේ නම් ඊට වගකිව යුතු සියලුම නිලධාරීන් ඉවත්කර වැඩ කළ හැකි නිලධාරීන් පත්කර ගැනීමට තමන්ට සිදුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

රට මුහුණ පා ඇති ආර්ථික ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට අවශ්‍ය පූර්ණ සහයෝගය  ලබා දීමට තමන් නිරතුරුවම කැපවන බවත් ඒ ගමන සාර්ථක කර ගැනීමට මහ බැංකුව ඇතුළු රටේ බැංකු පද්ධතිය වේගවත්ව  කටයුතු සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විවිධ ක්ෂේත්‍රවල ණය පහසුකම් ලබා දීම සඳහා රජය උපදෙස් දී තිබුණ ද බැංකු පද්ධතියෙන් එය නිසියාකාරව ක්‍රියාත්මක නොකරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබී තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.


ඉලක්ක සහගත ආර්ථික වැඩ පිළිවෙළ ක්‍රියාවට නගා එය ජය ගැනීමට නම්  කඩිනම්ව ක්‍රියාකළ යුතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා රැස්වීම් පවත්වමින් දිගින් දිගටම කල් අදිමින් සිටිනවා නම් රජයේ අරමුණ සාර්ථක නොවන බව කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආර්ථිකය ගොඩනැගීමේ අවස්ථාව මූලිකවම බැංකු හා බැංකුවල ක්‍රියාකාරිත්වය මත රඳා පවතින බවත්, එවැනි තත්වයක දී ලබා දෙන උපදෙස් හා මගපෙන්වීම නිසි පරිදි කඩිනම්ව ක්‍රියාවට නන්වන්නේ නැතිව තවදුරටත් කල් මරමින් කාලය ගතකරනවා නම් එවැනි නිලධාරීන් සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට තමන් පසුබට නොවන බවත් දන්වා ජනාධිපතිවරයා මහ බැංකුවේ හා රාජ්‍ය බැංකුවල  නිලධාරීන්ට අනතුරු හඟවා සිටියේය.

Exit mobile version