ජනාධිපතිවරයාගේ සර්ව පාක්ෂික ආරාධනය විපක්ෂ නායක සජිත් පිළිගනී !

Sajith Premadasa

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා කරන ලද ආරාධනය ප්‍රධාන විපක්ෂය වන ජාතික සමගි ජනබලවේගය පිළිගන්නා බව දන්වමින් විපක්ෂ නායක සජික් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එ අනුව විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදයකට ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් කර ඇති ආරාධනය තමන් පිළිගන්නා බවය.

අගෝස්තු 02 වැනිදා දාතමින් විපක්ෂ නායකවරයා විසින් යවන ලද ලිපිය පහත දැක්වේ.

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01,


ගරු ජනාධිපතිතුමනි,
ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.

ඔබතුමා විසින් එවන ලද PS/PCA/03/02 අංක දරණ 2022 ජූලි මස 29 දාතමින් යුක්ත ලිපිය හා බැඳේ.

දැනට අප මාතෘභූමියෙහි උද්ගතව ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය නිමකොට ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුව ඇත.

එකී කරුණු සැලකිල්ලට ගෙන ඉහත ලිපියෙහි සඳහන් පරිදි රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදයකට ඔබතුමා විසින් කර ඇති ආරාධනය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය පිලිගැනීමට තීරණය කර ඇති බව මෙයින් ඔබට ගෞරවයෙන් දන්වා සිටිමි.

ස්තුතියි,
මෙයට- හිතවත්,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සජිත් ප්‍රේමදාස,
විපක්ෂ නායක,
සමගි ජන බලවේගයේ සහ
සමගි ජන සන්ධානයේ නායක

Exit mobile version