එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආර්ථික සභාව නියෝජනය කරනු ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවේ සහ විපක්ෂයේ විපක්ෂයේ දේශපාලකයන්ගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ ඉල්ලීම මත රනිල් වික්‍රමසිංහ ආර්ථික සභාවට ඇතුළත් කරගැනීමට කටයුතු කරමින් සිටින බව ඉහත ආරංචි මාර්ග කියයි.
රට මුහුණ පා ඇති ධරුණු ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට මෙම ආර්ථික සභාව පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මූලිකත්වයෙන් යුතු ආර්ථික සභාවට මහාමාර්ග ඇමති ජොන්සටන් ප්‍රනාන්දු, කෘෂිකර්ම ඇමති මහින්දානන් අලුත්ගමගේ සහ වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන නම් කර තිබිණි. මීට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම්, මහබැංකු අධිපති හා නියෝජ්‍ය අධිපති එම සභාවට නම් කර තිබිණි.