ජනපති හමුවෙන් පසුව මහජන උපයෝගීතාව කණපිට හැරෙයි ! කොමිසම දෙකඩ වී  සභාපති තනිවෙයි

Janaka-Rathnayake

අමාත්‍ය මණ්ඩලය  විසින් ඉදිරිපත් කරන ලද  ජනවාරි පළමුවැනිදා සිට අතීතයට බලපාන පරිදි විදුලිය ගාස්තුවල අතුරු වැඩි කිරීමක් පිළිබඳ   යෝජනාවට  මහජන උපයොගීතා කොමිසමේ සියලුම සාමාජිකයන් එක්ව මුලින්ම  විරුද්ධ වුවද ඊයේ (19) ජනාධිපතිවරයා විසින්  කොමිසමේ  සාමාජිකයන් හදිසියේ කැඳවීමෙන් පසුව ඔවුන්  තිදෙනාම වෙනස් වී මෙම විදුලි බිල සංශෝධනයට කැමැත්ත පළ කර ඇති බව එහි සභාපති ජනක රත්නායක අද (20) අනාවරණය කළේය. 

මෙම අතුරු මිල වැඩි කිරීම 2009 විදුලි බල පනතට අනුව සම්පූර්ණයෙන් ම පටහැනි  බවත් කොමිසමේ සාමාජිකයන් අතරින් සභාපතිවරයා වන තමන් පමණක් මෙම යෝජනාවට විරුද්ධ බැවින් තමන් තනිවම ඉදිරි දින දෙක තුන ඇතුළත අධිකරණයේ  පිහිට පැතීමට බලාපොරොත්තු වන බවත් ඔහු  පැවසීය.

 මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද (20) සවස මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව තවදුරටක් පැහැදිළි කළේ මෙසේය.

“ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අතුරු මිල සංශෝධනයක් කරන්න ඕන කියන යෝජනාව ආවේ කැබිනට් මණ්ඩලයෙන්.   ඒ වගේම විදුලි බල මණ්ලයෙන් පෙබරවාරි මස 15 වැනිදාට පෙර විදුලි ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා තිබුණා. කොමිසමේ සාමාජිකයන් පසුගිය ජනවාරි 12 වැනිදා එක්ව මේ යෝජනා ගැන සලකා මෙවැනි අතුරු මිල වැඩි කිරීමක් අතීතයට බලපාන පරිදි කළ නොහැකි බව කැබිනට් ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන්නා. එය පනතට නුව සිදු කළ නොහැක්කක්. එය පනතේ වගන්තිවලට පටහැණියි.“


මේ අතරේ ඊයේ විශේෂ සිදුවීම් දෙකක් වුණා. මහජන උපයෝගීතා කොමිසම පාර්ලිමේන්තකුවේ ජාතික සභාව හමුවට කැඳවලා තිබුණා. නමුත් මේ කැඳවීමට පෙර මා හැර සෙසු කොමිෂන් සභා සාමාජිකයන් වෙත ජනාධිපතිවරයා විසින් හදිසි කැඳවීමක් කරනු ලැබ  තිබුණා. එය සිදුවුණේ මගේ දැනුවත් බවකින් තොරවයි.

මීට මාසයකට පමණ පෙර ජනාධිපතිතුමා මාව හමුවීමට අවශ්‍ය බව කියා තිබුණ.  මා හැර සෙසු සාමාජිකන් ඊයේ මුණ ගැසී තිබුණා. ජනාධිපතිතුමා මීට මාසකයක කලින් කිව්වා මම හම්බ වෙන්න ඕන කියල. නමුත්  මම නැතිව ඉතිරි සාමාජිකයන් කොමිසමට ගෙන්වල මුණ ගැසිලා. නමුත් ඊයේ සෙසු සාමාජිකයන් කැඳවා ඇති බව මා දැන සිටියෙ නැහැ.

පසුව ඔවුන් ජාතික සභාවටත් පැමිණියා. එහිදීයි බළලා මල්ලෙන් එළියට පැන්නේ.  එහි දී මා සමඟ එක තීරණයේ සිටි කොමිසමේ සාමාජිකයයන් මේම කැබිනට් මණ්ඩලය ගෙනා අතුරු මිල සංශෝධනය පිළිබඳව ජාතික සභාව ඇසූ මොහොතේ ඔවුන් පෙර සිටි ස්ථාවරය වෙනස් කොට කතා කළා. ඔවුන් කරුනු කිසිවක් නොදැන කිසිවක් සොයා නොබලා මෙම යෝජනාවට විරුද්ධ වුනා. නමුත් දැන් අපි ට තේරේනවා අපි කලේ වැරැද්දක් කියල ඔවුන් එතනදී කිව්වා. ඒ වෙලාවේ මාත් අපහසුතාවකට පත් වුණා.

12වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ මේ කොමිසම් සාමාජිකයන්ට අවස්ථාව තිබුණා අපි ගත්ත තීරණය වැරදියි කියල කියන්න. නමුත් ඔවුන් එසේ කළේ නෑ.

එ අනුව අද දිනයේ මම හිතුවා මේ ගැන ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුයි කියල. රැස්වීමක්  පැවැත්වුවා. මේ කොමිසමේ සාමාජිකයන් සමඟ . ඔවුන් අද මෙම කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ අතුරු මිල සංශෝධනයට ඔවුන් කැමැතියි කියල අත්සන් කළා. උදේනි වික්‍රමසිංහ, මොහාන්  සමරනායක චතුරිකා විජේසිංහ  යන මේ සාමාජිකයන් තුන් දෙනාගේම අත්සන සහිතව මේ සාමාජිකයන්  ලිඛිතව දන්වනවා මේ කැබිනට් මණඩලයෙන් ඉදිරිපත් කළ විදුලි බිල සංශෝධනය ඉක්මන් කළ යුතුයි කියල. මේ ඉල්ලීම සම්පූරණයෙන්  විදුලි පනතට පටහැණියි.“

මම මේ කොමසාරිස්වරුන්ට කිසිදු ආකාරයෙන් එකඟවෙන්නේ නෑ. ස්වාධීන කොමෂන් සභාවක් දේශපාලන අධිකාරියෙන් අනිසි බලපෑම් කිරීම වැරදියි. දෙශපාලන බලපෑම් කිරීම නොකළ යුතු දෙයක් . විරුද්ධතාව දින දෙක තුනක් ඇතුළත නීතිමය කටයුතු මම පෞද්ගලිකව ගන්නවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලන බලපෑම්වලට යටත් වෙලා වැඩ කළොත් වැරදි පූර්වා දර්ශයක්. කැබිනට් මණ්ඩලයේ එන  නියෝග ඉදිරියේදීත් පිළිපැදීමට සිදුවනවා“ යයි දප්‍රකාශ කළේය. .

Exit mobile version