බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති වූ පසු මුල් වරට ගෝඨාභය වියත්මඟ හමුවෙයි

ආණ්ඩුවේ වැඩවලට වියත් මඟ යා කරන හැටි ගැන කතා කරයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා බවට ප්‍රවර්ධනය කිරීම පසුපස ප්‍රධාන කාර්යභාරයක් සිදු කළ වියත්මග වෘත්තීයවේදී සහ ව්‍යවසායකයන්ගේ එකතුව පළමුවරට ඊයේ සවස හමුවිය.

රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී “වියත්මග” සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලා සිටියේය.

දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම “වියත්මග” ඉදිරියේ ඇතැයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

වියත්මග සංවිධානයේ සභාපතිවරයාද වන ජනාධිපතිවරයා ඇතුල්කෝට්ටේ කාර්යාලයේදී වියත්මග කණ්ඩායම හමුවූ අතර මුලින්ම එහි විධායක කමිටු සාමාජිකයන් හමුවී පසුව සෙසු සාමාජිකයන්ද ඇමතීය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එහිදී වියත්මඟ කණ්ඩායම ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික ඇතුළු සියලු ජන කොටස් ආර්ථික සහ සමාජයීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර එකී අරමුණු ජයගැනීමට දායක විය හැකි ආකාරය “වියත්මග” විධායක සභාවට පෙන්වා දුන්නේය.

සංවිධාන ව්‍යූහය තුළ උප කමිටු සකස් කර යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මග පෙන්වීමටත්, අමාත්‍යවරයා හමුවේ ඇති අභියෝගාත්මක අවස්ථාවලදී උපදෙස් දෙමින් සහාය වීමටත් හැකි බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයිද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

“වියත්මග” විධායක සභාවේදී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ජනාධිපතිවරයා ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කළේය.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහිද අවධානය යොමු කෙරිණ.

වියමත් මගසංවිධානයේ මුල් ස්ථරයේ බොහෝ සාමාජිකයන් මේ වවනවිට පාර්ලිමේනතුමන්ත්‍රීවරුන් ලෙස පත්ව ඇති අතර තවත් පිරිසක් රජයේ හළ තනතුරුවලට පත්ව සිටිති.

සංවිදානයේවත් බොහෝ පිරිසක් කිසිදු තනතුරක් හෝ රජයේ වගකීමක් හෝ මූල්‍ය ප්‍රතිලාභයක් බලාපොඩරාත්තු නොවී ඔවුන් අපේක්ෂා කළ රටේ සංවර්ධන කටයුතුවලට සම්බන්ද වීමේ කැමැත්තෙන් සිටියද ඔවුන්ට ඒ සඳහා නිසි යාන්ත්‍රණයක් කොමැති වීම පිළිබඳව සාකච්ඡා වී තිබේ. ඒ අනුව විවිද උපකමිටු හරහා එම පුද්ගගයන්ට දසම්බන්ධ වීමේ අවස්ථාව සලසා දීමහට තීරණය වුණු බව වියත් මග සංවිධානයේ සාමිජකයෙක් ලංකාසරට පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීහූ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගල්ප්පත්ති මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිලීපන් ගුණසමරුව සමග උතුර සීරුවෙන්

Next Post

තරුණයෙක් මරා පාරේ දමා ඔහුගේම ෆෝන් එකෙන් නිවසට පණිවිඩෙත් දීලා

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.