ජනපති-රනිල් හමුවක් අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ගත යුතු පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මීට පෙර ඉදිරිපත් කරන ලද කරුණු 21 කින් යුතු යෝජනා මාලාව පසුබිම් කරගෙන මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී හැකි ඉක්මණින් ගතයුතු පියවර සහ 21 වැදෑරුම් කරුණු අතර ප්‍රතිපත්තිමය වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ ප්‍රායෝගිකව වහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා පවතින බැවින් ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ එජාප නායකයා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.


Exit mobile version