ජනපති රනිල්ගේ ඉල්ලීමට චාල්ස් රජු කැමති වෙයි ! රාජාභිෂේකයට පෙර දින රාජ්‍ය නායක හමුවක් !

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලිමකට අනුව බ්‍රිතාන්‍යෙය්  තුන්වන චාල්ස් රජු විසින් පොදු  රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ හා රජයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂීයා ස්කොට්ලන්ඩ් හරහා ජනාධිපතිවරයා බකිංහැම් මාලිගයට සිදු කරන ලද යෝජනාවකින් පසුව  ඔහුගේ රාජාභිෂේකයට පෙරදින එනම් මැයි 5 වැනිදා මෙම හමුව පැවැත්වීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. .
චාල්ස් රජු සිහසුනට පත් වීමත් සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලයේ නව ප්‍රධානියා ලෙස පොදුරාජ්‍ය මණ්ඩලය වඩාත් ශක්තිමත් ලෙස පරිණාමය වීමට අවස්ථාව උදාවන බවත් ඒ සඳහා අනාගත දැක්ම පිළිබඳු ගැඹුරු අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇති කර ගැනීම කාලෝචිත බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා පසුගියදා ස්කොට්ලන්ඩ් මහත්මියට ලිපියක් යවමින් කියා සිටි බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.
වත්මන් පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපතිවරයා වන රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගමේගේ එකඟතාවය ඇතිවල මහලේකම්වරයා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ට සහ රජයට රජු සමඟ සම්බන්ධ වීමට ඉක්මන් අවස්ථාවක් ලබා ගැනීම ගැන සලකා බැලිය යුතු බව ඔහු යෝජනා කළේය. පෙබරවාරි මාසයේ කොළඹ පැවති ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම් උත්සවයට ස්කොට්ලන්ඩ් මහත්මිය සහභාගී වූ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා මෙම හමුවීම වාචිකව සඳහන් කර ඇත.
3වන චාල්ස් රජු පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය පිහිටා ඇති ලන්ඩනයේ මාල්බරෝ හවුස්හිදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් සහ රජය හමුවනු ඇත. පොදුරාජ්‍ය මණ්ඩලයට දැනට ස්වාධීන රටවල් 56ක සාමාජිකත්වය ඇත.
ජනාධිපති වික්‍රමසිංහ රාජාභිෂේකයට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වන බව ද ජනාධිපති කාර්යාලය පවසයි.

Exit mobile version