ජනපති පැමිණියේ නෑ… නියෝජිතයන් සමග කළ සාකච්ඡාව යළිත්  අසාර්ථකයි… වර්ජනය අඛණ්ඩව සිදුවන බව වෘත්තීය වේදීන් කියයි!

ශ්‍රියානි විජේසිංහ –                                     

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සමග ජනාධිපතිලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතක පෙර පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වී ඇතැයි වාර්තා වේ.

වෘත්තීය සමිති එකමුතුවට විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන්  ආරාධනා කර තිබුණද  සාකච්ඡාවට  ජනාධිපතිවරයා සහභාගි නොවූ බවත්  ඒ වෙනුවට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති ආර්ථික උපදේශ ඇතුලු නිලධාරීන් කණ්ඩායම් සහභාගි වූ බවත් වෘත්තීය සමිති එකමුතුව කියයි.

මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන්ගේ අදහස් ලබා ගත් බවත් එම අදහස් හා යෝජනා ජනාධිපතිවරයාට හෙට දිනයේදී යොමුකර පිළිතුරක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් නිලධාරීන් වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනුම් දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් සාකච්ඡාවේ කිසිදු ප්‍රගතියක් අත් නොවූ බැවින් හෙට දිනයේදී සැලසුම් කළ ආකාරයට  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් සිදුවන බව වෘත්තීය සමිති එකමූතුව අවධාරණය කරයි.


Exit mobile version