ජනපති නියමයත් නොතකා සභාපති තැන ඇප පිට ඉන්න දූෂිතයෙක් ලංවිම සාමාන්‍යාධිකාරී කරලා!

යුගදනවි ගිවිසුමේ පංගුකරුවෙක් වූ සභාපති එහි සාක්ෂිකරුවෙක් සාමාන්‍යාධිකාරී කළ හැටි ලංවිම ඉංජිනේරුවරු හෙළි කරති...

ජනාධිපතිවරයාගේ උපදෙස් ද නොසලකා  මුදල් ඇමතිවරයාගේ හිතවතෙක් වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් හැට පැන විශ්‍රාම ගිය, දැනට ඇප පිට ඉන්නා දූෂිතයෙක් පත් කර ඇති බව විදුලි ඉංජිනේරවරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු අද පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ දූෂිත නිලධාරියා අත්තනෝමතික ලෙස පත්කිරීමට එරෙහිව සිය විරෝධතාවය ලිඛිතව මේ වනවිට දන්වා ඇති බවත්, ජනාධිපතිවරයා දන්වා ඇති පරිදි ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ඊලඟ ඉංජිනේරුවරයා එම තනතුරට පත් නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් සභාපතිවරයා කීවේය.


ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.

“යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා දිගටම තබා ගන්න උත්සාහ කළා. නමුත්    අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නා මේ ජනවාරි මාසයේ 13 වැනිදා සාමාන්‍යාධිකාරීවරයා විශ්‍රාම යා යුතුයි කියලා.“

“ ඊයේ දිනයේ  අලුත් සාමාන්‍යාධිකාරිවරයෙක් සභාපතිවරයා විසින් පත් කරනවා. මේ අය පත් කරලා තියෙන්නෙ විදුලිබල මණ්ඩලයෙන් විශ්‍රාම ගියපු, අවුරුදු 60 පැනපු, දූෂණ චෝදනා තිබෙන, දැනට ඇප මත ඉන්න කෙනෙක්. ඔහු යුග දනවි ගිවිසුමේ සාක්ෂිකරුවෙක්.“

“ජනාධිපති තුමා උපදෙස් දීලා තියනවා ඊලඟට ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරියා සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කරගන්න කියලා. ඒ උපදෙස් පවා උල්ලංඝණය  කරලා මේ පත්වීම කරලා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපි අපේ විරොධය ලිඛිතව දන්වලා තියනවා. මේ පත්වීම වහාම අකුලගෙන ඊලඟට ඉන්න ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කළේ නැතිනම්  අපි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා .“

Exit mobile version