fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ජගත් සංවිධානයේ මහලේකම් හමුවෙයි

මාස 8ක් ago
in පුවත්
433 4
0
Share on FacebookShare on Twitter

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.

ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස් මහතා, 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ සංචාරයන් හා ශ්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකය අවධි කළේය.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාව පිළිබඳවත් ගුටරේස් මහතා විසින් මෙහිදී සිහිපත් කරනු ලැබිණ. වසර 30කට ආසන්න කාලයක් පැවති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව මහලේකම්වරයා සඳහන් කරනු ලැබිණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවන වරටත් මහලේකම් ධූරයට පත්වීම පිළිබඳව සිය සුභාශීංසන ඔහු වෙත පිරිනැමීය.

කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.

මේ වන විට සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරිමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයි සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.

එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මෙහිදී මහලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් විය.

2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එම තත්ත්වය හමුවේ වුවද වසර 30කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිවරයා සවිස්තරාත්මකව පැහැදිළි කළේය.

වින්දිතයින්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාතේ කළ විශාල සංවර්ධනය හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිවරයා මහලේකම්වරයා සමග පැවසීය.

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයින් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවත් මහලේකම්වරයා සමග පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන ආකාරය ද රාජපක්ෂ මහතා විසින් පැහැදිළි කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සැමවිටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළ ජනාධිපතිවරයා නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රි ලංකාවේ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත්, ආගමික අන්තවාදය පිළිබඳව රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන්ද සුපරීක්ෂාකාරී විය යුතු බව සඳහන් කළේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

 යොහානි අප දෙරටේ නවතම සංස්කෘතික තානාපතිනියයි –  ඉන්දීය මහකොමසාරිස් කියයි…

Next Post

පොලොන්නරුවේ ලංකාතිලක පිළිම ගෙයට අකුණක් වදී!

Related Posts

wasamtha-Yapa-Bandara

 21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!

මැයි 23, 2022

රට හොයන මනුස්සකම… නුවර ව්‍යාපාරිකයෙක් තමන්ගේ බස් රථ 03 සා.පෙළ දරුවන් නොමිලයේ ප්‍රවාහනයට යොදවයි….

මැයි 23, 2022
Kusal

පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් තරගය අතරතුර රෝහල්ගත කරයි….

මැයි 23, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!
  • රට හොයන මනුස්සකම… නුවර ව්‍යාපාරිකයෙක් තමන්ගේ බස් රථ 03 සා.පෙළ දරුවන් නොමිලයේ ප්‍රවාහනයට යොදවයි….
  • පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් තරගය අතරතුර රෝහල්ගත කරයි….
  • රෝහලට යන්න ඉන්ධන ලීටරයක් නැතිව කිරි දරුවන් මැරෙනවා… දැන්වත් ඉල්ලා අස්වන්නැයි මහේල ජනපතිට කියයි!
  • චින කඳවුරු වල අපාදුක් විදින මුස්ලිම් වැසියන් ගැන සොයන්න මානව හිමිකම් මහ කොමසාරිස් චීනයට

ජනප්‍රිය පුවත්

  • pohottuwa

    21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

    243 shares
    Share 97 Tweet 61
  • මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

    272 shares
    Share 109 Tweet 68
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

    178 shares
    Share 71 Tweet 45
  • පෙට්‍රල් ලීටරයක් හොයාගන්න තිබිලා නෑ…   රොගී කිරි කැටි දියණිය මැරිලා…  මරණ පරීක්ෂකවරයාත් හඬා වැටෙයි…

    203 shares
    Share 81 Tweet 51
  • කැබිනට් මණ්ඩලය 25 තෙක් වැඩිවෙයි… 

    172 shares
    Share 69 Tweet 43
  • ඩී.අයි.ජී දේශබන්දු වහාම බස්නාහිරින් ඉවත් කරන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝගයක්!

    172 shares
    Share 69 Tweet 43

Highlights

රෝහලට යන්න ඉන්ධන ලීටරයක් නැතිව කිරි දරුවන් මැරෙනවා… දැන්වත් ඉල්ලා අස්වන්නැයි මහේල ජනපතිට කියයි!

චින කඳවුරු වල අපාදුක් විදින මුස්ලිම් වැසියන් ගැන සොයන්න මානව හිමිකම් මහ කොමසාරිස් චීනයට

ඊයේ යාපනයේ සුපිරි නාඩු කිලෝවක් රුපියලයි…

ඩී.අයි.ජී දේශබන්දු වහාම බස්නාහිරින් ඉවත් කරන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝගයක්!

තවත් කැබිනට් ඇමතිවරු 08ක් දිවුරුම් දෙති…

සාමාන්‍ය පෙළට ලියන්න සිටි  දියණියක්  බිම් බෝම්බ නැතැයි කී බිමේ දී  බිම් බෝම්බයකට හසු වේ!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

wasamtha-Yapa-Bandara

 21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!

by editor
මැයි 23, 2022
0

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් 21 වැනි ආණ්ඩුක්‍රම...

රට හොයන මනුස්සකම… නුවර ව්‍යාපාරිකයෙක් තමන්ගේ බස් රථ 03 සා.පෙළ දරුවන් නොමිලයේ ප්‍රවාහනයට යොදවයි….

by editor
මැයි 23, 2022
0

ඩීසල් පෙට්‍රල් අපහසුතා මධ්‍යයේ අපොස සාමාන්‍ය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist