ජනපති ඉල්ලූ ණය සහන දෙන්න චීනෙ සූදානම් නෑ

සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි

ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියද චීනය එකඟ වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පවතින පොලී රහිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට පමණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයකට මහ බැංකු අධිපතිවරයා කිසිසේත්ම එකඟ නොවන බවට පවසා ඇතැයි ද හෙතෙම මාධ්‍ය හමුවකදී පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීය.


“ඇයි මහ බැංකු අධිපති විතරක් සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයකට අකමැති? ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියල ජනාධිපතිතුමා චීනයෙන් ඉල්ලනවා. අගමැතිතුමා ඉන්දියාවෙන් ඉල්ලනවා. ස්වාධීන ආර්ථික විද්‍යඥයින් කියන්නෙත් ඒ කතාවමයි. අපි කවදාවත් කියන්නෙ නෑ ණය පැහැර හරින්න කියලා. ජනතාවට රටට යම් හුස්මක් ගන්න අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න කියලයි අපි කියන්නේ. මොකද දැන් ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් තියනවා. නිෂ්පාදනය වෙනුවෙන් අන්තර් භාණ්ඩ ගෙන්වීමත් ඩොලර් හිඟය නිසා අර්බුදයට පත්වී තිබෙනවා. මේ වගේ වෙලාවක සාමාන්‍ය මිනිහෙක් වුණත් කරන දෙයක් තමයි, තමන්ගේ ණය ගෙවන්න සහන කාලයක් හරි ණය කපා හැරීමක් හරි ඉල්ලන එක. එතකොට ඒ මනුස්සයට සහ ඔහුගේ පවුලේ අයට යම් අස්වැසිල්ලක් ලැබෙනවා. නමුත්, රටේ ජනතාව මෙච්චර දුක් විඳිනකොට මහ බැංකු අධිපතිවරයා සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයකට මැලිකමක් දැක්වීම පුදුම සහගතයි.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


” දැන් ජනාධිපතිතුමා චීනෙ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ඉල්ලලා තියෙනවා. අර ෂෝන් කියන පුද්ගලයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා. ඔවුන් කියලා තියෙන්නේ මේ චීන රජයෙන් දීලා තියෙන පොලී රහිත ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඔවුන් කල්පනා කරලා බලන්නම් කියලා. හැබැයි අපි හොයලා බැලුවා චීනයෙන් පොලී රහිත ණය ගෙවන්න තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් වෙන්නැති. මොකද අපිට ඊයෙ දවසේ අපිට එහෙම එකක් සොයාගන්න බැරිවුණා. චීනෙන් වැඩිපුර අරගෙන තියෙන්නේ වාණිජමය ණය. මොකද චීන එක්සිම් බෑන්ක් සහ චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් එකෙන් තමයි මේවා වැඩිපුර අරන් තියෙන්නේ. උදාහරණයක් ලෙස මේ අවුරුද්දට ගෙවන්න තියෙන ණය මහබැංකුව තවම යාවත්කාලීන කරලා නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නෑ. මම මේ අවුරුද්දකට කලින් තියෙන දත්ත කියන්නේ. චීනෙට ගෙවන්න තියෙන ණයවලින් ද්විපාර්ශ්වික ණය ගෙවන්න තියෙන්නේ 12%යි. ඒවා සාමාන්‍යයෙන් යම්කිසි සහන පොලියකට ලැබෙන ණය. එතකොට ඒක මුුළු ණයෙන් බැලුවොත් 2%ක් වගේ තියෙන්නේ. හැබැයි චීනෙට අපි බැලුවොත් වෙළෙඳපොලේ සම්පූර්ණ ණයවලින් චීන එක්සිම් බෑන්ක් එකෙන් ගත්ත ණය 13%ක් පමණ තියෙනවා. එතකොට සමස්ත ණය ප්‍රමාණය වාණිජ ණය 8%කුත් සහනදායී ණය 2%කුත් වගේ තියෙන්නේ මුළු චීන ණය ප්‍රමාණය එකතු වෙන්නේ. මේ සහනදායී ණයවලිනුත් පොලී නොගෙවන ණය සම්බන්ධයෙන් විතරයි මේ කතා කරලා තියෙන්නේ මං හිතන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි ඔවුන්ම කියලා තියෙනවා ප්‍රතිව්‍යුහගත කරනවා නම් සාමාන්‍ය විදියේ ප්‍රතිව්‍යුහගත කිරීමකට. චීනෙ සූදානම් නෑ කියලා අපිට තේරෙනවා ලංකාවේ විශාල ඩොලර් ප්‍රමාණයකට ඔවුන්ගේ ණය ගෙවන්න එපා පස්සේ දවසක ගෙවන්න. මෙහෙ ඩොලර් ප්‍රමාණය අරන් අර වෝල් ෂීඩ් එකේ ඇමෙරිකන්කාරයගේ ණය ටික ගෙවලා දාන්න කියන තැනට ඔවුන් ඇවිත් නෑ.”

Exit mobile version