ජනපතිට නොදන්වා බැසිල් කළ පත්වීම අවලංගුයි… තෙෂාර ජයසිංහ නැවතත් ලිට්‍රෝ සභාපති කමට…

ජනාධිපතිවරයා විසින් පත් කළ ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ ජනාධිපතිවරයාට නොදන්වා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉවත් කර පොහොට්ටුවේ පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරාගේ පත්කිරීම අවලංගු කර නැවත හිටපු සභාපතිවරයාම පත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි වාර්තා වේ.

අද මුතුරාජවෙල මාබිම ලිට්‍රෝ ගෑස් අංගනයේ ජනාධිපතිවරයා කළ සංචාරයක දී   තෙෂාර ජයසිංහ තමන් තනතුරින් ඉවත් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බවත් එහිදී ජනාධිපතිවරයා තමන් මේ සමබන්ධව කිසිසේත්ම දැනුම්වත් නැති බවත් දන්වා ඇත.

අනතුරුව ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම්වත් කර ඇත්තේ යළිත් තෙෂාර ජයසිංහට ලිට්‍රෝ සභාපති තනතුර ලබා දෙන ලෙසය.


ඒ අනුව රේණුක පෙරේරාගේ පත්වීම් ලිපිය අවලංගු කර යළි තෙෂාර ජයසිංහව පත් කිරීම සඳහා පත්වීම් ලිපිය සකසා ඇත.

පසුගිය වකවානුවේ සිදුවූ  ගෑස් පිපිරීම්වලට තමන්ට වගකිව නොහැකි බවත් ඒ සංයුති වෙනස්වීම් සිද්ධ වන්නේ තමන්ගේ ධුරකාලයේ දී නොවන බවත් ලිට්‍රෝ සභාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

ඊට පිළිතුරු දුන් හිටපු ලිට්‍රෝ සභාපති අනිල් කොස්වත්ත සිය ෆේස් බුක් ගිණුම හරහා කීවේ තෙෂාර ජයසිංහ  වැඩ බැරි නිකමෙක් බවය.

කෙසේ වෙතත් අද උදෑසන වනවිට මෙතෙක් ගෑස් සැපයූ ඕමාන සමාගම වෙනස් කර නව සැපයුම් කරුවන් ජාත්‍යාන්තර ලන්සු තැබීමේ ක්‍රමය මත තෝරා ගන්නා ලෙස  ඉහලින්ම උපදෙස් ලැබී ඇතැයි වාර්තා විය.

ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ මින් පෙර මධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ බිලියන 10කට අධික කොමිස් මුදල් මත ගෑස් ජාවාරම සිදුකෙරෙන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංයුති වෙනස්  ගෑස් ගෙනා තක්කඩියන් හලන්නැයි ඉහළින් උපදෙස්!

Exit mobile version