ජනපතිට තව අවුරුදු 2ක් දෙන්නැයි සජබ මන්ත්‍රීනි ඩයනා ගමගේ ඉල්ලයි

කොවිඩ් නිසා අහිමිවූ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය තුනෙන් දෙකක යෝජනාවක්ද සම්මත කොට වසර දෙකකින් දීර්ඝ කළයුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ කල්තැබීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය ඒ බව සඳහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේක ග්ලෝබල් ක්‍රයිසීස් (ගෝලීය අර්බුද) එකක්. හැමෝම එකතුවෙලා එක හා සමානව වැඩ කරලා අපි ජනාධිපතිතුමාට පිහිට වෙන්න ඕනේ. ගරු ජනාධිපතිතුමාට ඇත්තටම අවුරුදු 2ක් නැති වුණා. මම මේ පාර්ලිමේන්තුවේ අද යෝජනා කරනවා පාර්ලිමේන්තුවට ගෙනල්ලා තුනෙන් දෙකක බලයක් අරගෙන එතුමාට නැවතත් මේ නැතිවුණු අවුරුදු 2ක ලබා දෙන්න ඕනේ. අපේ මේ පාර්ලිමේන්තුවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා.”


Exit mobile version