ජනපතිගේ  පුද්ගලික නිවස ගිනි තියන්න ඇරලා… ඉහළම පොලිස් නිලධාරීන්ට එල්ලවූ චෝදනා නිසා සඟවා තිබූ සී.අයි.ඩී. වාර්තාව ජනපති අතට පත්වෙලා!

Ranil-Home

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ  නිවසට ගිනි තැබීමට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා අතට පත් වී තිබීම සම්බන්ධව පොලිසියේ ඉහළම නිලතල වල සිටින නිලධාරීන් බලවත් ලෙස කම්පනයට පත් වී ඇතැයි වාර්තා වේ.

පසුගිය 2022.07.09 දින ඇති වූ ප්‍රචන්ඩකාරී සිදුවීම්වල දී කලහකාරී පිරිස් විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අංක 119, පස්වන පටුමග කොළඹ 03 ලිපිනයේ තිබූ පුද්ගලික නිවසට   ගිනි තැබීම වළක්වාගත හැකිව තිබූ බවත් එසේ වළක්වා නොගැනීම සම්බන්ධව හිටපු පොලිස්පතිවරයාට,  බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට,  කොළඹ පොලිස් ප්‍රධානීන්ට, ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඍජුව චෝදනා එල්ල වී ඇති බවත් වාර්තා වේ.

ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ පිටු 250කට අධික මෙම වාර්තාව  මෙතෙක්   අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලඟ සිරවී තිබුණු බවත්, පොලිස් රාජකාරි පැහැරහැරිම සම්බන්ධව මෙහි අඩංගු දීර්ඝ විස්තරය තුළ මෙම අපරාධය සිදුවන්නට හැර තිබේද යන සැකය මතුවන බවත් ය.

නුදුරු දින කීපය තුළ සිය වගකිම් පැහැර හරිමින් ප්‍රශ්න සහගත ලෙස හැසිරුන පොලිස් නිලධාරීන් විෂයෙහි විශේෂ පියවරක් ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවද එම ආරංචි මාර්ග හෙළි කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගිනි තැබීම සම්බන්ධව විශාල විමර්ශනයක් පවත්වන ලෙස පෙන්වා සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීම, හිටපු නියෝජ්‍ය ඇමති පුතෙක් අත් අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු නික්තු කිරිම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් සහ විපක්ෂ නායක සොයුරිය දුලාංජලී ප්‍රේමදාසගෙන් කට උත්තර ගැනීම ඇතුළු ප්‍රදර්ශනාත්මක මෙහෙයුම් ගණනාවක් පොලිසිය විසින් මේ සම්බන්ධව මෙතෙක් දියත් කර තිබිණි.

 

 

Exit mobile version