ජනපතිගේ ප්‍රකාශයට ඇගයීම් ඉල්ලන්න ගිය නිලධාරීන්ට සිදු වුණු දේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙරේදා (20) රාත්‍රියේ ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව ඇගයීමට ලක් කර මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කළ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් යෙදවූ පිරිසක් අපහසුතාවයට පත් වී ඇති පුවතක් වාර්තා වේ.

විෂ්ණු දේවාලයට සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනෙක් මාර්ගයෙන් මුලින්ම ගැටඹේ නාහිමියන් වෙතත් අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් වෙතත් මෙම නියෝජිතයන් යවා ඇති නමුත් උන්වහන්සේලා මේ අවස්ථාවේ දී ඒ සඳහා ප්‍රකාශයක් ලබා දීම මග හැර තිබේ.

ඒ සමගම විෂ්ණු දේවාල නියෝජිතයන් ද සිය දුරකථන වලට එන ඇමතුම්වලට පිළිතුරු නොදී අතුරුදන්ව ඇත.

එහෙත් අවසානයේ අස්ගිරි පාර්ශවය වෙනුවෙන් ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ගැනීමට අදාල පිරිස සමත් වී තිබේ.
එම ප්‍රකාශය ඉදිරියේ දී විකාශය වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Exit mobile version